ගෝඨා ඇමරිකා යයි

1547


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26) දින ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ .

ගෝඨාභය රාජපක්ෂ , බිරිඳ අයෝමා , පුතා දමින්ද මනෝජ් , ලේලිය එස්.ඩී.රාජපක්ෂ (සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගොස් තිබුණි .

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් 12/26 දින අලු‍යම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ .

මෙම පිරිස ප්‍රථමයෙන්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

advertistmentadvertistment
advertistmentadvertistment