චක‍්‍රලේඛය ගැහුවොත් ගුරු සටන නවත්වනවා

100

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ චක‍්‍රලේඛයක් මගින් ප‍්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට සූදානම් බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ ඊයේ (02 දා* පැවසූහ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව ඊයේ (02 දා* පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීම සඳහා අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන්කර 2022 සිට හෝ ක‍්‍රියාත්මක කරන බවට කිසිම තැනක ක‍්‍රියාත්මක වී නැහැ. ඒක ක‍්‍රියාත්මක කරන්න 2020 සිට අනුමැතිය දෙනවයි කියලත් නැහැ. අපි පැහැදිලිව කියන්නේ මේ අමාත්‍ය අනුකමිටු වාර්තාවේ නිර්දේශිත අමාත්‍ය මණ්ඩලය අනුමත කළා නම් ඒ වැටුප් ව්‍යුහයන් සහිත ක‍්‍රමය දින වකවානු සහිතව චක‍්‍රලේඛයක් නිකුත් කරන්න. එසේ නිකුත් කරනු ලැබුවහොත් පසුදා සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග අතහැර ළමුන්ගේ අධ්‍යාපනය නගාසිටුවන්න අපි සූදානමින් ඉන්නවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment