චණ්ඩි පාට් දැමූවන්ට විරුද්ධව මාධ්‍යවේදීහු දෙදෙනා පොලිසි යති

467

ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනකු වන කේ. රාමක්‍රිෂ්ණන් හා සීවලී එදිරිවීර යන දෙදෙනාට තර්ජනය කර පහරදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 21 දා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම සිදුවීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ හිටපු සභාපති අනුර පතිරණගේ ගේ හිතවතුන් පිරිසක් අහම්බෙන් මුණගැසුණු අවස්ථාවේදී බව මෙම මාධ්‍යවේදීහු චෝදනා එල්ල කරති. මෙම සිදුවීමට සිවුදෙනකු සම්බන්ධ වූ බවත් ඊට නායකත්වය දුන් තැනැත්තා නාවික හමුදාවට සම්බන්ධ අයකු වන බව ද ඔවුහු පවසති. කෙසේ නමුත් අනෙක් තිදෙනා කවුරුන් දැයි යන්න ඔවුන් හඳුනාගෙන නැත. මෙම මාධ්‍යවේදීන් දෙදෙනා කබඩි සම්මේලනයේ හිටපු සභාපති අනුර පතිරණ හා ලේකම් සජීවන් යන අයගේ ක්‍රියා කලාපයන් විවේචනය කරමින් සිය යූටියුබ් මාධ්‍ය ජාලයේ නිකුත් කර තිබූ වීඩියෝවක් මෙම ගැටුමට මූලික හේතුව වී ඇති බව පැවසේ.


advertistmentadvertistment