චතාරික සමය හා බැඳි කල්වාරි මධ්‍යස්ථාන

38

වාර්ෂික චතාරික සමය ඇරැඹෙත්ම මෙරට කිතුනු ජනතාවගේ අවධානය රට පුරා තිබෙන කල්වාරි මධ්‍යස්ථාන වෙත යොමු වෙයි. කිතුනු දේවස්ථාන, පාසල් සහ වෙනත් ආයතනයන් පාද නමස්කාරය පිළිවෙත මුල්කර ගත් වන්දනා ගමන් සංවිධානය කිරීම චාරිත්‍රයකි. සාමකාමී පරිසරයක් මුල්කරගෙන නිර්මාණය වී තිබෙන මෙම කල්වාරි මධ්‍යස්ථානවල කිතුනු ජනතාවට උවටනා සියලුම පහසුකම් සලසා තිබේ. පාද නමස්කාර මෙහෙයන්, දිව්‍යපූජා මෙහෙයන් සහ ශුද්ධ වූ පැය මෙහෙයන් ඒ අතර ප්‍රධාන වෙයි.

මෙරට කල්වාරි මධ්‍යස්ථාන ගැන කතා කරන විට හිනිදුම සහ මග්ගොන මධ්‍යස්ථාන ප්‍රමුඛත්වයක් ගන්නේ ඒවා දීර්ඝ කාල ඉතිහාසයකට හිමිකම් කියන නිසාය. රමණීය කඳු පරිසරයක පිහිටා තිබෙන හිනිදුම කල්වාරිය වසර 70 කට වඩා පැරණි එකකි. මග්ගොන ඉපැරණි ජාතික කල්වාරි පුදබිම තවත් සුවිශේෂී ආගමික පරිසරයකි. මේ හැර තලවිල, රාගම තේවත්ත, වහකෝට්ටේ සහ මහනුවර කඳුරට පුදබිම් වල පිහිටා තිබෙන කල්වාරි මධ්‍යස්ථාන වෙතද ජනයා ගමන් කරති. හොරණ, අලගොල්ලෑව, මාවතගම, මාබිම, වරකාපොල මාහේන, තඹකන්ද, හංවැල්ල, කළුතර දහම් සෙවන, කිඹුලාපිටිය මෙරට තවත් කල්වාරි මධ්‍යස්ථානයන්ය. එලෙසම බොහෝ දෙව්මැඳුරුවල කුඩා පාද නමස්කාර මධ්‍යස්ථාන දකින්නට ලැබේ.

කිතුනු ජනතාව මෙම කල්වාරි මධ්‍යස්ථාන කරා යන්නේ ආගමික ආත්මික සුවයපතාය. මෙම මධ්‍යස්ථාන නිර්මාණය කිරීමට දායක වූ පියවරුන් සහ ගිහි පිරිස්වල ප්‍රාර්ථනාව වුණෙත් එයමය. කල්වාරි මධ්‍යස්ථාන වලට යන සියලු දෙනාම එම ස්ථානවලදී ගෞරවාන්විතව සහභාගි වී පිරිසිදුව එම ස්ථානයන් තබා ගැනීමටද දායක විය යුතුය.

ක්‍රිස්ටෝපර් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment