චන්ද්‍රිකා ඡායාරූප නැවේ තෙල් කාන්දුව හෙළිකරයි

272

එක්ස්ප‍්‍රස් පර්ල් නැව අවට විශාල තෙල් කාන්දුවීමක් දක්නට ලැබෙන බව චන්ද්‍රිකා ඡුායාරූපවලින් තහවුරු වන බව බි‍්‍රතාන්‍යයේ ස්කයි නිව්ස් ප‍්‍රවෘත්ති සේවය අනාවරණය කර ඇත.
 
 මෙය ශී‍්‍ර ලංකාව තුළ සිදු වූ විශාලතම නාවික පාරිසරික විනාශය බව සඳහන් කරන ස්කයි නිව්ස් ආයතනය නැව වටා තෙල් කාන්දුවීම් සිදුවන බවද කියා සිටී. මෙම නැවේ නයිටි‍්‍රක් ඇසිඞ් මෙටි‍්‍රක් ටොන් 23 ක් තිබීම බරපතළ ප‍්‍රශ්නයක් බවද එම ප‍්‍රවෘත්ති සේවාව දන්වයි. මේ අතර එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දුවීමක් නැති බව සිංගප්පූර් සමාගමේ විධායක ප‍්‍රධානි ෂුමල් පසුගියදා ප‍්‍රකාශ කර තිබිණි.
 

 කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment