චන්න කියන්නේ බොරු… ඖෂධ මාෆියාව තියෙන්නේ මේ ආණ්ඩුවේ… සභාපතිගේ කතාවෙන් ඇමැතිගේ බොරුව හෙළිවුණා

539

ප‍්‍රශ්නය – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ චෝදනාත්මක ඇඟිල්ල දිගුවන්නේ ඔබ ඉලක්ක කර ගනිමින්.

පිළිතුර – චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් පසුගිය දිනක නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙනව 2020 ජුනි 5 වෙනකම් මැනුවල් දාන්න පුළුවන් ඊට පස්සෙ බෑ කියල. ඒ කියන්නෙ මේ වෙද්දි මගේ ෆයිල් තියෙනවනෙ. ඒ කියන්නෙ ඔන්ලයින් කරල නෑනෙ. එහෙම නම් මගේ ඒවාට මේක බලපාන්නෙ කොහොමද? 2019ට පෙර දේවල්වලට කොහොමද ඒකට බලපාන්නේ. සියලූ දේ සිදුවෙලා තියෙන්නෙ මැනුවල්.

අද තියෙන ෆයිල් මොනවද? පසුගියදා (22 වැනිදා) හරීන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා පාර්ලිමේන්තුවෙදි පැවැසුවා කොවිඩ් සම්බන්ධ ඖෂධ ඉදිරිපත් කරන්න පුළුවන් NMRA ඔන්ලයින් එකෙන් විතරයි කියල. මේ දත්ත මෑකී යෑමට වගකිව යුත්තේ වත්මන් පාලනාධිකාරියයි.

ප‍්‍රශ්නය – ඔබ පවසන ආකාරයට ඇයි ඔවුන් මේ දත්ත පද්ධතිය මකන්නෙ…?

පිළිතුර – අද ඇන්ටිජන්වලට තියෙන්නෙ එක සමාගමයි. අනෙක් කට්ටිය ඇන්ටිජන් ගෙන්න ඉල්ලපු ඉල්ලීම් මේ මැකුණු දත්තවල ඇති. කවදා හරි මේ ආණ්ඩුවෙ බලයක් නැති වුණාදාට එහෙම අසාධාරණයට ලක්වුණු අය වෙනුවෙන් ජනාධිපති කොමිසමක් දැම්මොත් ඒ වෙලාවෙදි චූදිත පාර්ශ්වයන්ට වාසියක් තියෙනව මේ විදිහට දත්ත මැකී යෑම. කොහොම හරි 2020 ජුනි 05 ඉඳල ඉස්සරහට තමයි මේ හොරකමේ වාසිය තියෙන්නෙ. වර්තමාන සභාපති දත්ත හොරකම ගැන කළ මාධ්‍ය නිවේදනයෙදි කියනව ඒ අනුව භඵඍ් අපගේ දත්ත පද්ධතිය අපගේ සේවාව වඩාත් විනිවිදභාවයකින් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ලබාදීම සඳහා ස්ථාපනය කර ඇති බව. ඔහු කියනව අපි කළ දේ බොහොම විනිවිදභාවයකින් කරල තියෙන බව. සභාපති එකක් කියනව ඇමැතියා තව එකක් කියනව. ඊට පස්සෙ ඔහු කියනව. එමෙන්ම රජයේ මිල කැඳවීම ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුව සිදුකරන අතර ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද ඉතා ඉහළ පළපුරුද්දකින් යුක්ත සාමාජිකයන් හත්දෙනකුගෙන් සැදුම්ලත් තාක්ෂණික ඇගයුම් කමිටුවක් විසින් ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව සිදුකර අදාළ සේවාව සපයන ආයතනය තෝරා පත්කරගෙන ඇති බව අවධාරණය කරමි කියල. මේ කියන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ සභාපතිවරයා. ඇමැතිවරයා කියනව මේක බොරුවක් කියල.මේකෙ තියෙනව පද්ධති විගණනයක්. අපේ දෙපාර්තමේන්තු විණනය කරනව වගේ මේ පද්ධතියත් විගණනය කරනව. එහෙම නම් බම්බුගැහුවද අවුරුදු දෙකක් මේ ආණ්ඩුව පද්ධතිය විගණනය කරන්නෙ නැතිව. එහෙම කළා නම් මේ දත්ත නෑ කියන එක අහුවෙනවනෙ.

ප‍්‍රශ්නය – ඔබ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයෙ සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව තමයි පැවැසුවෙ. නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඔබට චෝදනා එල්ල වුණෙ ඔබ ඖෂධ මාෆියාකරුවන්ට උදව් කරල තියෙනව කියල.

ප‍්‍රශ්නය – පළමු වරට මම කළේ ඖෂධ 48ක මිල නියාමනය කළා. එහෙම කළාම ඖෂධ වර්ග 1200ක විතර මිල නියාමනය වෙනව. ඊට පස්සෙ මම තව ඖෂධ 25ක මිල නියාමනය කළා. විශේෂයෙන් අධික මිල සහිත පිළිකා ඖෂධ. පළමු 48 විතරක් මහජනයාට වුණු ලාභය අවුරුද්දකට රුපියල් මිලියන 4400ක්. කෝටි 440ක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ පිළිබඳ මහාචාර්ය දර්ශනී ගලප්පත්තිගෙ වෛද්‍ය විගණනය අනුව කියනව අවුරුද්දකට කෝටි 440ක් ලාභ වුණා කියල. ජනතාවට ලාභ වුණා කියන එකෙන් කියන අනෙක් කතාව තමයි ඖෂධ සමාගම්වලින් ලැබෙන ලාභාංශ අඩුවුණා කියන එක. එතකොට ඖෂධ සමාගම්වල මිල අඩුකිරීම මාෆියාවද? දෙවැනි කාරණය මෙහෙම මිල අඩු කළාම ඖෂධ සමාගම්වල ලාභාංශය අවම වුණාම ඔවුන් ඔවුනගෙ විදේශීය නිෂ්පාදකයන්ට කතා කළා. ඒ සමාගම්වලට කතා කරල තමන්ගෙ ලාභාංශ අවම වීම තියෙන නිසා ප‍්‍රචාරක වැඩ, වෙළඳාම කරන්න අමාරුයි. ඒ නිසා නිෂ්පාදන සමාගම්වලින් ඖෂධ ලබාදෙන මිලත් අඩුකරන්න කිව්ව. එතකොට ඖෂධ සමාගමුත් මිල අඩු කරල බෙහෙත් සැපයුවා. ඒ හැම පැකට් එකක ගහල තිබුණ.
Only sale for Sri Lanka කියල. ‘ශ‍්‍රී ලංකාවේ විකිණීම සඳහා පමණි කියල’. ඒ ඩොලර් රුපියලේ අඩුවීම වසරකට රුපියල් බිලියන 7ක්. ඒක ඖෂධ මාෆියාවද?

තුන්වැනි කාරණය මම දෙවැනි වටයෙ අඩු කළ පිළිකා ඖෂධ. ඒවා ඔක්කොම දෙන්නෙ රජයට. ඒකෙන් රජයට එක වසරකට රුපියල් බිලියන 1.76ක් වාසියක් වුණා. ඒ කියන්නෙ වෙළඳ සමාගම්වල ලාභය රුපියල් බිලියන 1.7කින් අඩුවුණා. එතන පිළිකා ඖෂධ තිබුණෙ 13යි. ඒක මාෆියාවද? රජයට මේ විදිහට ලාබ ලැබිල, ඒකෙ අවාසිය වෙළඳ සමාගම්වලට ගියාම අසහනය කාටද? වෙළඳ සමාගම්වලට.

ඒ වගේම මම මේ රටේ පළමුවෙන් දේශීයව ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අපි ඒ විදිහට දේශීය නිෂ්පාදනය කළ ඖෂධවලින් වසරකට බිලියන 20කට වැඩි ප‍්‍රමාණයක ලාභය ලැබුණ. ඒකද මාෆියාව කියන්නෙ?

තෙවැනි අදියරයේදී මම තවත් ඖෂධ 62ක මිල අඩු කළා. මම ඒ ගැසට් එකට අත්සන් කළේ 2019-11-12. අද වෙනකම් මේ ගැසට්ටුව ක‍්‍රියාත්මක කළේ නෑ. ඒක කළා නම් ජනතාවට කොච්චර සහනයක් ලැබෙනවද? ඒකෙන් ලාභය ආවෙ ඖෂධ සමාගම්වලට. එහෙම නම් කවුද මාෆියාකාරයො…? මේ ආණ්ඩුව 2021-8-21 ගැසට් එකක් ගැහුවා.

ඒකෙන් කළේ මම අඩු කරපු ඖෂධ මිල සමාගම්වලට වැඩිකරල දුන්න. ඒක තමයි එදා පාර්ලිමේන්තුවෙදි මම චන්න ජයසුමන ඇමැතිවරයගෙන් ඇහුවෙ තමුන්නාන්සෙ අඩුකරපු ඖෂධයක මිල කියන්න කියල. එයා කළේ මිල වැඩිකරපු එක. එතකොට මිල වැඩි කරපු කෙනාද මාෆියාකාරයා. අඩුකරපු කෙනාද?

ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාවට තිබුණෙ ඖෂධ හැදීමේ හැකියාව බිලියන 2යි. මම ඒක බිලියන 4 දක්වා වැඩි කළා. මම ඒකට විශාල කර්මාන්තශාලාවක් හැදුව ජපානයත් එක්ක එකතුවෙලා. ඊට පස්සෙ හෝමෝන හදන්න ක‍්‍රියාකළා. ඒ වගේම ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය මිනිස්සු නෑ.

ඒ නිසා ඒ අය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හදන්න තීන්දු කළා. මම ඉදිකිරීම් ඇමැතිවරයා සිටිද්දි ලංකාවේ වැඩබිම් පරීක්ෂකවරු හිටියෙ නෑ සුදුසුකම් සහිත. මම ඒ කාලයෙ ඉදිකිරීම් කර්මාන්තයේ හිටපු සියලූම සමාගම් කැඳෙව්ව. රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙ. කැඳවලා ඔවුන්ට කිව්ව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් පුහුණු කළ වැඩ පරීක්ෂකවරු දෙන ඒකට පෞද්ගලික අංශය කැමැතිද කියල. ඔවුන් ඒකට කැමැති වුණා. ඔවුන්ගෙ ඉල්ලපු ප‍්‍රමාණයට පුහුණු කරල වැඩ පරීක්ෂකවරු අපි ලබාදුන්න. ඒ වගේම සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය කාලෙ දේශීය ඖෂධ කර්මාන්තයට පුහුණු ශ‍්‍රමිකයන් කවුරුවත් හිටියෙ නෑ. එහෙම පුහුණු ශ‍්‍රමිකයන් නිර්මාණය කරන්න තමයි බුලත්සිංහල මධ්‍යස්ථානයක් පටන්ගත්තෙ. ඒකට අවශ්‍ය විෂය මාලා පවා සකස් කළා. ඊට පස්සෙ පාඨමාලා පටන් අරන් පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. එහෙම කරද්දි තමයි ආණ්ඩුව මාරුවුණේ.

ප‍්‍රශ්නය – මධ්‍යස්ථානය බුලත්සිංහලට රැගෙන යෑම පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් කතා බහට වුණා. රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා චෝදනා කළේ ඔබගේ හිතවතෙකුගේ ගොඩනැගිල්ලක් රුපියල් මිලියන අනූවකට ගෙන තවත් රුපියල් මිලියන හතළිහක් වියදම් කර ප‍්‍රතිසංස්කරණය කර ඇති බවයි. එවැනි ගොඩනැගිල්ලක් බුලත්සිංහලෙන්ම ලබාගැනීමට අවශ්‍ය වුණේ ඇයි ?

පිළිතුර – චන්න ජයසුමන දැන් අහනව ඇයි ඒක බුලත්සිංහලටම ගෙනිච්චෙ කියල. මම අහනව ඔහු ඇයි ඖෂධ කලාපය කියල එකක් අනුරාධපුරයට ගෙනිච්චෙ කියල. ඒ හේතුව තමයි මම බුලත්සිංහලට ගෙනිචේච හේතුවත්. රටට කරනව වගේම මගේ පළාතෙ මිනිසුන්ටත් මම කරන්න ඕන. අනෙක් එක හොරණ කලාපයෙ තමයි අපි හදපු ඖෂධ නිෂ්පාදනාගාර හතක් තියෙන්නෙ.

ප‍්‍රශ්නය – හැබැයි එදා පාර්ලිමේන්තුවෙදි චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිවරයා ඔබට අභියෝග කළා එහි පුහුණුව ලබපු එක් අයෙක් පෙන්වන්න කියල.

පිළිතුර – මේ රජය ඇවිත් ඒක නැවැත්තුවනෙ. ඒකෙ පුහුණු වුණ කට්ටිය අපි ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට ගත්ත. එහෙම පුහුණු වුණු අයට අප සහතික පවා දීල තියෙනව. ඒ අයගෙන් 90%කට වඩා රැුකියා කරනව.

ප‍්‍රශ්නය – 2015 අංක 5 දරණ පනත සංශෝධනය කරන්න ඔබ ක‍්‍රියාකළේ හිතාමතාම යම් පාර්ශ්වයකට වාසි ලබාදෙන්න කියලයි චන්න ජයසුමන ඇමැතිවරයා චෝදනා කරනව.

පිළිතුර – ඔය පනත ගෙනාපු දවසෙ පාර්ලිමේන්තුවෙදි ඩියු ගුණසේකර ඇමැතිතුමාගෙ කතාව මතක් කරන්න කැමැතියි. ඔහු කියනව ඔහුට මුලින්ම මහාචාර්ය බිබිලේ හම්බවුණෙ තමන්ගෙ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සිටි එස්. ඒ. වික‍්‍රමසිංහ නිවසෙදි බව. මේ දෙන්නට තමයි මැතිනිය එදා ඖෂධ ප‍්‍රතිපත්තිය හදන්න බාරදෙන්නෙ. 1971 දී හදපු ඖෂධ ප‍්‍රතිපත්තිය අද කිසිම ඇමැතිවරයෙක් ක‍්‍රියාත්මක කළේ නෑ කියල ඩියු ගුණසේකර එදා කිව්ව. ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්න අද ගේන මේ පනත ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ සුන්දරම දිනය බවත්, කොන්දේසි විරහිතව මේකට සහයෝගය දෙනව කියල ඩියු ගුණසේකර එදා පාර්ලිමේන්තුවෙදි කිව්ව. ඊයෙ පෙරේදා පාර්ලිමේන්තුවට ආපු චන්න කොහෙද මේව දන්නෙ නෑ. දොස්තර සාෆිගෙ වඳ සැත්කම් ගැන කතා කරපු, වඳ කොත්තු ගැන කතා කරපු දෙකයි පනහෙ මහාචාර්යකමක් තියාගෙන ඉන්න චන්නල ඒ ඉතිහාසය නැවත හදාරන්න ඕන. පක්ෂ භේදයකින් තොරව මේ පනත ඒකමතිකව එදා සම්මත කරන්න උදව් කළා. එහෙම පනතකට තමයි මේ චෝදනා කරන්නෙ.

ප‍්‍රශ්නය – ඒත් මේ පනත නිසා යම් කොට්ඨාසයකට වාසිසහගත වුණේම නැද්ද?

පිළිතුර – මේ චෝදනා කරන පුද්ගලයට වඩා ඖෂධ ප‍්‍රතිපත්තිය ගැන දැනුමක් තියෙන අය ඉන්නව. ඒ අය ඔක්කොම මේ පනත හොඳයි කියලයි කියන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ පනත හොඳයි කියනව. සෞඛ්‍ය ප‍්‍රතිපත්ති සඳහා ආයතනය අපි මිල අඩු කරපු ක‍්‍රමවේදය ගැන ප‍්‍රශංසාත්මක ලිපියක් අපට එවා තිබුණ. මොනව ද ඒ ගැන මේ මහාචාර්ය කියන ඇමැතිවරයා දන්නෙ.

ප‍්‍රශ්නය – ඔබ ඇත්තටම ඖෂධ අධික මිලට ගෙන්වීමට ක‍්‍රියා කළාද?

පිළිතුර – මම ඒකට පාර්ලිමේන්තුවෙදි පැහැදිලි පිළතුරක් දුන්නා. ටෙන්ඩර් දාපු මිල තමයි ඒ තියෙන්නෙ. චන්න ජයසුමන ඉදිරිපත් කරපු ලේඛනයෙ තියෙන්නෙ ඖෂධ මිල ගණන් සඳහා කෝටේෂන්. ඒකට වගකියන්න අපට බෑ. අපි වගකියන්නෙ අපි ගත්ත මිල. ගත්ත මිල මම පැහැදිලව පෙන්වල තියෙනව. මේක ලේඛනවලින් කළේ මිනිසුන්ව තනිකරම මුලාවට පත් කිරීමක්.

ප‍්‍රශ්නය – ඔබ පත් කළ සභාපතිවරු අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ අය බවට චෝදනා එල්ල වුණා.

පිළිතුර – මුලින්ම මම පත් කළේ මහාචාර්ය ජයකොඩි. ඊට පස්සෙ පත්වුණෙ මහාචාර්ය අසිත ද සිල්වා. ඔහු ඖෂධවේදය පිළිබඳ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ගත්ත කෙනෙක්. රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත කෙනෙක් නෙමෙයි. මහාචාර්ය අසිත ද සිල්වාගෙ සහෝදරය තමයි පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා. එයාගෙ භාර්යාව උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා. මේ අයගෙ තාත්ත තමයි ලංකාවෙ හිටපු ප‍්‍රකටම විශේෂඥ වෛද්‍යවරයා පී. බී. ද සිල්වා. මේක තමයි මේ අයගෙ පසුබිම. අද ඉන්න නිර්වින්දනය හදාරන වෛද්‍යවරයගෙ පසුබිම වගේ නෙමෙයි.

රාගම වෛද්‍ය පීඨයෙ විශේෂඥ වෛද්‍යවරු එකතුකරල සමාගමක් පිහිටෙව්වා. ඒක සනාථන සභාව, පීඨ සභාව අනුමත කළ එකක්. ඒකෙන් ඖෂධ ගෙනාවෙ නෑ. ලෝකයේ ඖෂධ ගැන පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කිරීමට ලංකාවෙ පිහිටෙව්ව එකම සමාගම. ඒව කරන්න විශ්වවිද්‍යාලයකට ප‍්‍රතිපාදන නැති නිසා තමයි රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධ සමාගමක් විදිහට ඒක පිහිටුවන්නෙ. අන්න ඒ සමාගමේ සාමාජිකයෙක් තමයි අසිත ද සිල්වා. නමුත් උසාවි තීන්දුවෙ තියෙනව පිටරට තියෙන ඖෂධ ගැන පර්යේෂණ සිදුකරන නිසා ඒ පර්යේෂණ ඒ ඖෂධ අනාගතයේදී ලංකාවට පැමිණිය හැකි නිසාත්, සහසම්බන්ධයක් තිබිය හැකියි කියල. ඒ නිසා ඔහුව දෙකෙන් එකකට තෝරගන්න කියල. ඒ එක්කම කිව්ව තවදුරටත් අසිත ද සිල්වා මේ සමාගමේ නැත්නම් සභාපතිධුරය දරන්න බාධාවක් නෑ කියල. ඒ වෙද්දිත් එතුමා සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙලා තිබුණෙ.

සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment