ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනු ලැබීය.
එහිදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන ස්මිත්‍රී මන්ධනා සහ ශෆාලි වර්මාගෙන් ඇයට දැඩි තරගයක් එල්ල වී තිබූ අතර පසුගිය මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානය ජයගත් අතර එහිදී චමරි අතපත්තු තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය සහ තරගාවලියේ වීරවරිය ද වෙමින් විශාල දායකත්වයක් ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත ලබාදුණි.
34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය මීට පෙර දෙවරක් දිනාගෙන තිබූ අතර මෙය තුන්වැනි අවස්ථාව විය.
එමෙන්ම මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හේලි මැතිව්ස් එම සම්මානය තුන් වරක් දිනාගෙන ඇති අතර ඔස්ටේ්රලියාවේ ඇෂ්ලේ ගාර්ඩ්නර් මෙම සම්මානය සිව් වරක් දිනාගෙන ඇත.
සිසිර ඉන්ද්‍රජිත්