චමල්ගේ අනුමැතිය නැතිව වැව් ළඟ සංවර්ධන වැඩ බෑ

225

ඓතිහාසික වැව් සහ මහා වාරිමාර්ග වාරි යෝජනා ක‍්‍රම ආශ‍්‍රිත සංවර්ධන කටයුතු සිදුකිරීමේදී මින් ඉදිරියට වාරිමාර්ග අමාත්‍යාංශයේ අනුමැතිය අත්‍යවශ්‍ය බව වාරිමාර්ග ඇමැති චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (08 දා* උපදෙස් දී තිබේ.

ඓතිහාසික වැව් සහ මහා පරිමාණ වාරිමාර්ග යෝජනාක‍්‍රම ආශ‍්‍රිතව කඩිනම් හෝ නව ඉදිකිරීම්, වැඩිදියුණුකිරීම් සිදුකිරීමේදී පාර්ශ්ව කිහිපයකින් යුතු කමිටුවකින් නිර්දේශ ලබා ගැනීම සහ එකී නිර්දේශ වාරිමාර්ග අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මෙහිදී ආර්ථික, පාරිසරික, සංස්කෘතික හා සමාජීය වශයෙන් සංවේදී ජලාශ පද්ධති ආශ‍්‍රිතව කිසියම් හෝ නව ඉදිකිරීමක් හෝ වැඩිදියුණු කිරීමක් සිදුකිරීමට ප‍්‍රථම අදාළ බල ප‍්‍රදේශයේ ආගමික, සංස්කෘතික, ගොවි, ධීවර හා ප‍්‍රජාව සහ අවස්ථානුකූලව පුරාවිiා, පරිසර, වනසංරක්‍ෂණ, වනජීවී, දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු ඇතුළු සියලූ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා නිර්දේශ ලබා ගැනීමත්, එම නිර්දේශවලට වාරිමාර්ග අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමත් අත්‍යවශ්‍ය බව ද දැනුම් දී තිබේ.

චමින්ද සිල්වා


advertistmentadvertistment