චමල් සංජීව කොළඹට ඉල්ලයි

10968

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමට තීරණය කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ආසනය කේන්ද්‍ර කර ගනිමින් ඒ මහතා පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වැදීමට නියමිතය.

රෝහල් පරිපාලනය, රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධිය ලබා ඇති ඒ මහතා රෝහල් පරිපාලනය පිළිබඳව වූ විශේෂඥ වෛද්‍ය උපාධිය මෙරට දී සම්පූර්ණ කර තිබේ.

සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ඇති ඒ මහතා සමගි ජන බලවේග ඉදිරි දෙවන පෙළ නායකත්ව කණ්ඩායම නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටී.
සුජීව තත්සර


advertistmentadvertistment