චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා 20 සංචිතය නම් කෙරේ

172

ඉන්දීය කණ්ඩායම සමග ලබන 27 වැනිදා ආරම්භ වන තරග තුනකින් යුත් පන්දුවාර විස්ස-20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩක සම්මානය හිමිවූ චමිඳු වික්‍රමසිංහ නම්කර තිබීම ද විශේෂත්වයකි.

එමෙන්ම, වසර දෙකකට පසු පන්දුවාර විස්ස කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් කැඳවා ඇති අතර පසුගිය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් කර නොමැත.

කෙසේ වෙතත් පන්දුවාර විස්සයි -20 ලෝක කුසලානයට නම් නොකළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ කුසල් ජනිත් පෙරේරා ද සංචිතයට ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකා පන්දුවාර විස්ස- 20 සංචිතය

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ.

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment