ඉන්දීය සාගරයේ පැවැති අවසන් එංගලන්ත යටත් විජිත රාජ්‍යය සේ සැලකෙන දූපත් 60 කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත චාගොස් දූපත් සමුහයට නිදහස ලබා දී එහි පාලන බලය මුරුසි දූපතට පැවරීමට එංගලන්තය විසින් ඊයේ (03) තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දීය සාගරයේ පිහිටි උපාය මාර්ගික වශයෙන් වැදගත් දූපත් සමූහයක් වන චාගොස් දූපත් මුරුසි දූපතට අයත් වුවද එංගලන්තය විසින් 1968 වසරේදී මුරුසි දූපතට නිදහස ලබා දී ඇත්තේ චාගොස් දූපත්වල වාසය කළ වැසියන් එම දූපත්වලින් පන්නා දමා එම දූපත් මුරුසියෙන් වෙන් කිරීමෙන් පසුව බවට චෝදනා එල්ල වී තිබිණි.
එංගලන්තය චාගොස් දූපත් සමූහය මුරුසියෙන් ඉවත් කිරීමෙන් පසු එය එංගලන්ත ඉන්දීය සාගර කලාපය ලෙස නම් කර තිබූ අතර එම දූපත් සමූහයට ස්වෛරීත්වය ලබා දිය යුතු බවට මුරුසිය විසින් ඉදිරිපත් කළ යෝජනාව ජාත්‍යන්තර අධිකරණය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හා මුහුදු කලාපීය නීතිය පිළිබඳ ජාත්‍යන්තර ත්‍රිපුද්ගල කමිටුව විසින් 2019 හා 2022 වසරවලදී පිළිගෙන තිබිණි. මේ අනුව එංගලන්තය හා මුරුසි දූපත් රජය අතර චාගොස් දූපත් සඳහා ස්වෛරීත්වය ලබාදීම සම්බන්ධයෙන් 2022 වසරේදී ඇරඹි සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම දූපත්වලට නිදහස හිමි වී තිබේ.
ප්‍රකට ඩියෙගෝ ගාසියා දූපත ද චාගොස් දූපත්වලට අයත් වේ.
ඒමන්ති මාරඹේ