චිත්‍රපටියේ නම යෙදීම කිරි කළයකට ගොම කළයක්

428

ලංකාවේ ළමා චිත‍්‍රපට යැයි කියා කියමන බොහෝමයක පෙන්වන්නේ ඇත්තටම ළමා අපචාර සහ ළමා අපයෝජනය. ළමා ගීත කියා අප හිතන බොහෝමයක ඇත්තේ ද ඒ අපචාර සහ අපයෝජනයන්මය. ළමා කතන්දර කතා පොත් හරහා සිදුවන්නේත් ළමා සිත් කුරුවල් කරන අපයෝජනයන්මය.

මේ ලියමන ළමා අපයෝජන ගැන නොව නිසා මෙහිදී ඒවාට උදාහරණ නොදෙන්නට තීරණය කළෙමි.

සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කළ බොහෝ චිත‍්‍රපට මා නරඹා ඇතැයි සිතමි. ඒවා අතරින් ‘සරිගම’ චිත‍්‍රපටයට මගේ ඇල්ම වැඩිපුරය. ඒ ද මනෝ විද්‍යාත්මක විග‍්‍රහයකට පවා යටත්වය. ළමා මනසක ළං කළ යුතුම ජීවිතයේ ‘‘සොඳුරු’’ බව සරිගම චිත‍්‍රපටය පුරාවටම පේ‍්‍රක්ෂක සිත්වලට එන්නත් කරන්නට සෝමරත්න දිසානායක මහතා දරා ඇති උත්සාහය හරිම ප‍්‍රශංසනීයය.

මේ ලියමන එතුමාගේ ආසන්නතම අලූත්ම සිනමාපටය ගැනය. එම සිනමා පටයේ ෆිල්මිං ගැන නම් අගය කරනවා හැරෙන්නට යමක් මා දන්නේ නැත. චිත‍්‍රපට කර්මාන්තය තුළ මා නියැළී නැති බැවිනි. සිනමාපටයක් ලෙස මෙහි එන කතා සාරය සමාජ කථිකාවතකට ගැනීම ගැන ඊට දායක වූ සැමට ස්තුති කිරීම කෙනෙක් නොකරනවා නම්? එය කුහකකමකි.

සංස්කෘතිය යැයි කියාගන්නා මහා පත හිස් වචනයක් ඇතුළෙ මෙලෝ අවබෝධයකින් තොරව දෙසන-කරන-හැසිරෙන-හිතන-පතන දේ හෙවත්? අමු භාෂාවෙන්ම කියනවා නම් ‘බාල කතා’ පොදියට ගෙතෙන ලාංකීය සිනමා කර්මාන්තයේ නමුත්? සමාජය ඇහැරවන කතා වස්තුවක් නොබියව සිනමාපටයකට ගෙනැවිත් මහජන ප‍්‍රදර්ශනය වෙත දිගහැරීම මට නම් හිත පුරා ස්තුති කළ හැකි මෙහෙයුමකි.

මෑතකාලීන මේ සිනමාවේ පෞද්ගලිකව මට දැනෙන හැටියට ‘දැකලා පුරුදු කෙනෙක්’ ‘පේ‍්‍රමය නම්’ වැනි චිත‍්‍රපටවලින් සාකච්ඡා කෙරුණු මනෝවිශ්ලේෂණාත්මක ජීවන යථාර්ථයන් පිරුණු සිනමා කර්මාන්තයකට යන හැරවුම් ලක්ෂයන් ලෙස හොඳ හැටි අත්පොළසන් දිය හැකි තැන් ඒවායේ පෙන්වන්නේ බහුලවම ප‍්‍රසිද්ධියේ කතා නොකෙරෙන නමුත් සුලභව අප‍්‍රසිද්ධියේ අපට දැනෙන” හසු වන වස්තු බීජයන් සහිත නිර්මාණ වන නිසා ය? ඇතුලින් මොකවත්ම නැති ඇහුවොත් ඇයි කියා උත්තරයක් ගොතා ගන්නට බැරි අපේ ‘‘සංස්කෘතිය’’ යැයි කියාගන්නා අපේ ඒ ශබ්ද කුට්ටි විසින් වළ දමන” හංගන සහ තහංචි දමන එහෙත් මේ මිනිස් ජීවිත ඇතුළේ කතා කළ යුතුම මාතෘකාවන් අර කියූ චිත‍්‍රපට තුළින් මම දුටුවෙමි. ඒවා ඇත්තටම මනෝ විද්‍යාව හදාරන අය විශේෂයෙන්ම පරිහරණය කළ යුතු සිද්ධි අධ්‍යයනයන් (case studies) ලෙස පරිශීලනය කළ යුතුම නිර්මාණයන්ය. ඒවා මනෝ උපදේශනය වෘත්තීය මට්ටමින් සිදු කරන අයට යහමින් අවබෝධය පුළුල් කර ගත හැකි වටිනා පුස්තකාල ලෙස මම වරක් සමාජ මාධ්‍ය තුළින් ද ලියා පළ කළෙමි.

සෝමරත්න දිසානායකයන්ගේ මේ නැවුම් සිනමාපටය ද තවත් එවැනි වූ මනෝවිද්‍යාත්මක නිමැවුමකි. පුස්තකාලයකට එහා ගිය නිර්මාණයකි. එම නිසාම මනෝ උපදේශනය වෘත්තීය මට්ටමින් සහ ඉන් එහාට සිදු කරන මට මේ චිත‍්‍රපටය ‘වැඩිහිටියන්ට පමණයි’ කියා ලේබල් කිරීම ගැන ඇත්තේ නොගැළපීම කි. නමුත් ඒ ගැන හඬ නඟන්නට තරම් සිනමා කර්මාන්තය ගැන සහ එහි ඇතුළාන්තය ගැන මගේ අවබෝධය උස නැත. ඒ ගැන කෙටියෙන්ම මට කියන්නට ඇත්තේ මිනිස් ජීවිත විවිධ වයස් කාණ්ඩවලට කඩා? බෙදා කරන නාමකරණය බොහෝ නොසුදුසු දෙයක් බවය. දැන් කෙනකුට ජින්පියාජේගේ ඉගැන්වීම් සහ බද්ධ වූ වයස් කාණ්ඩයන් ගේ විග‍්‍රහය මේ හා බද්ධ කර ගනිමින් මගෙන් ප‍්‍රශ්න අසන්නට සිතේවි. වාචික දීර්ඝ සාකච්ඡාවක් සංවාදයක් නැති මේ පත්තර පිටුවෙන් මම කෙටියෙන්ම මෙසේ කියන්නම්? ‘‘උපතේ සිට මිය යනතුරු මිනිස් ජීවිත වයස පදනම් කරගෙන රාමුගත කිරීම නම් සිදු කරන්නේම වෙළෙඳ වුවමනාවන් මත මිස එහි ඇති වෙනත් කිසිම මනෝ විද්‍යාත්මක පදනමක් නම් නොවේ.’’

(තැනකදී කතා කරන්නට හමුවුනොත් අපි ඒ ගැන කතා කරමු)

සෝමරත්න දිසානායකයන්ගේ මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතය වූ ‘සෑම්’ ව අපට පෙන්වන්නේ මානසිකව හුටපටයක කලක් තිස්සේම කොන්ක‍්‍රීට් වුණු චරිතයක් ලෙසය. ඒ මානසික හුටපටයට මුල් වූ කාරණාවකට අදාළ කරගනිමින් දොරක් ජනේලයක් හෝ අඩු තරමේ යතුරු හිලක්වත් අපට ඉඟියකින් හෝ නොපෙන්වීම ද මට අනුව ඒ චරිතයට වූ අසාධාරණයකි. නමුත් කෙටි වේලාවක් තුළ පෙන්වා අවසන් කරන්නට නිමකරන ප‍්‍රඩක්ට් එකක එලෙසම අඩුපාඩු කීම කර්මාන්තයට නුහුරු මට තරම්නැති වන්නට ද පුළුවන. ඒ සෝමරත්න දිසානායක මහතා විසින් සෑම් ගේ චරිතයට මුල්වූ චර්යාවට බීජ පැළ වුණු අර මා කියූ යතුරු හිලක් තරම් වන පුංචි හෝඩුවාවක් හෝ තිරය මත ඇන්දා නම් සැබෑ ලෝකයේ සෑම්ලා තව එක්කෙනෙක් වුව ඇතිවීම වළක්වන්නට වැඩිහිටියන්ට එය අපූරු ඉඟියක් වේවි.

ඉහත මේ ප‍්‍රධාන චරිතයේ හැසිරීම තුළ ඇති මානසික හුටපටය කියා මම මෙහි ලියා දැම්මේද සමාජය ‘සෑම්’ වැනි අය දෙස මානසික රෝගීන් සේ දකින්නට දරන උත්සාහය දියකර හැරීමට අවශ්‍ය නිසාවෙන්මය. සෑම්ලා එසේ මානසික රෝගීන් සේ ලේබල් කිරීමට විරුද්ධ කෙනෙකි මම.

රෝගියාට ඉංග‍්‍රීසියෙන් පේෂන්ට් (patient) කියා කියන්නේ ඒ patient විසින් රෝගය ? අසනීපය දරා සිටින්නා නිසාය. දරා සිටීම පේෂන්ස් ය. (Patience). ලෝකයේ කවුද රෝගයක් වේදනාවක් තමන්ගේ කැමැත්තෙන් දරා සිටින්නේ….?

රෝගියෙක් කියා කියන්නේම බාහිර බලපෑමක ප‍්‍රතිඵලයක් නිසා නිර්මාණය වන්නෙක්. භාෂාව කියන්නෙම අවුලක්. අනෙක් අයට දැනෙන පෙනෙන වේදනාවක් දරා සිටින කෙනාට අපි කායික රෝගියෙක් කියද්දී, එසේ අනෙක් අයට නොදැනෙන නොපෙනෙන වේදනාවක් දරා සිටින කෙනකුට අපි මානසික රෝගියෙක් යැයි කියනවා. මා වයස ගැන කියූ සේම කායික මානසික වර්ගීකරණයන් ගත්තත් ඒ සියල්ල වෙළෙඳ ලෝකයේ ලාභ අරමුණින් ක‍්‍රියාත්මක වෙන උදවියගේ වුවමනා මත කාලයක් තිස්සේ ඉඳන් කොන්ක‍්‍රීට් කරගත්තු භාෂාවක එන වචනය? න්‍යෂ්ටික අවි වලට වඩා භාෂාව භයානකයි. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් පණපිටින් එම්බාම් කරන්නට ඔය භාෂාවට තියෙන්නේ අමුතුම බලයක්. සත්තු එහෙම නෑ. තමන් නොදකින දෙයක් වෙන කෙනෙක් දන්නවා නම් එයා උගතෙක්, තමන්ට නොහිතන දෙයක් වෙන කෙනකුට හිතෙනවා නම් එයා බුද්ධිමතෙක්” චින්තකයෙක්, තමන්ට නො දැනෙන දේ දැනෙන අනෙක් කෙනා සංවේදී කෙනෙක්? මේ විදිහට ප‍්‍රසිද්ධ? විද්වත්? බාල? උසස් වගේ මේ සියල්ල සොබාදහමේ වර්ගීකරණයන් නෙවෙයි? භාෂාවේ වර්ගීකරණයන්. සොබාදහමෙන් ඈත්වෙද්දි අවශ්‍ය වන දෙයක් ඒක.

කෙනෙක් කරන කියන දේ මත එයා උසස් ද? උගත් ද බුද්ධිමත් ද ප‍්‍රබුද්ධ ද බොරුකාරයෙක්ද? විහිළුකාරයෙක් ද වගේ මේ හැමදේකටම භාෂාවේ මිනුම්? හැබැයි භාෂාව ඒ වර්ගකරන මිනුම් නිසා අපි වෙන අයව එසේ හඳුනා ගන්නවා කියා කියනවා. ඒත් යම් කෙනකුගේ හැසිරීම අපේ අර භාෂාමය මිනුම් ඇතුළට දාගන්න බැරි වෙන කෙනෙක්ව අපිට හමුවුනොත් අපි එයාට කියනවා ‘පිස්සා’ කියලා? මම දැන් ඇහුවොත් ඒක එයාගේ අඩුවක්ද නැත්නම් එහෙම කියන අපේ අඩුවක්ද කියලා…?

අන්න ඒ නිසයි මේ චිත‍්‍රපටයේ සෑම් ගේ චර්යාවට හුටපටයක් කියලා ලියන්නට යොමුවුණේ.

‘සබ්බේ සත්තා උන්මත්තකා’ කියා කියනවට වඩා මම නම් හිතන්නේ ‘සබ්බේ මනුස්සා උන්මත්තකා’ කියලා කියනවා නම්” ඒක තිරිසන් ලෝකෙට අපි කරන සාධාරණයක් කියලයි. මිනිසාව තරම් තේරුම් ගැනීමට අපහසු තවත් සත්වයෙක් මේ ලොව නැතැයි මම සිතන බැවිනි? එසේ අපහසු වන්නේ ම? අපි – මිනිසා රඟපාන බැවිනි. මිනිස් අපි සියල්ලෝම රඟති. මිනිසාට සහ මිනිසා හදා ගත් මේ අධ්‍යාපනයට එසේ රඟපාන සියල්ලෝම වෘත්තිකයෝය? කෙනකුගේ යම් හැඟීමක්? හැසිරීමක් අධ්‍යාපනය ප‍්‍රමුඛ මේ මිනිස් සමාජයට හඳුනාගැනීමට හෝ තේරුම් ගැනීමට අපහසු වන හැම තැනකම මිනිස් හිතට එන්නෙම ‘‘එයා පිස්සෙක්’’ කියාය. දැන් එතකොට මේ තේරුම් ගැනීමේ නොහැකියාව තියෙන්නේ කාටද?

ආයතනයක මූල්‍ය ගනුදෙනු තුලනය කරද්දී? ඒ කිව්වේ

ගිණුම්කරණයේ දී” පියවා ගැනීමට අපහසු තැන් තාවකාලිකව ‘අවිනිශ්චිත ගිණුම’ කියලා එකකට දානවා. ඒකමයි? වෙන විදියකින් ජීවිතයේ දී තමන්ට තේරුම් ගන්න අපහසු කෙනකුට අපි ‘පිස්සා’ කියලා කියන්නෙත්.

මේ චිත‍්‍රපටයේ වටිනාම තැන සේ මනෝ උපදේශකවරයකු ලෙස මම දකින්නේ ‘‘නයනිගෙ’’ චරිතය. මේ තමයි සෑම්ගේ අර මානසික හුටපටය සංසිඳුවන්නට තුන්වන පාර්ශ්වයක (third-party) තියෙන අවශ්‍යතාවය? වැදගත්කම? මනෝ ප‍්‍රතිකාරයකදී මෙසේ තුන්වන පාර්ශ්වයක් මැදිහත් කරවීම අදාළ කෙනාට බෙහෙත් පෙති වර්ග කිහිපයක් ගිලින්නට දෙනවට වඩා වටිනවා සහ මෙතැනදී නයනිව වටින්නේ ඒ භූමිකාව විසින් මනෝ උපදේශකවරයකුගේ මඟපෙන්වීමකින් තොරව ම ඇය තම සැමියාගේ සොහොයුරා වූ සෑම් ගේ හිත සුවපත් කරන්නට කෙරෙන මැදිහත් වීම නිසා. මේ (third-party treatment) ක‍්‍රමය මනෝචිකිත්සනයේ දී භාවිතයට සහ ඉගැන්වීමට පාත‍්‍රවනවා හරිම අඩුයි. ඒ සමහරවිට අර වෘත්තීය අභිමානය කියන භාෂා රෝගය නිසාම වෙන්නත් පුළුවන්. සිනමාකරු විසින් නයනිව යොදා ගෙන සමාජයට මේ මුදාහරින මනෝචිකිත්සනය ලෝභ නොසිතා අගය කළ යුතුමයි. මනෝ උපදේශනයේදී එය අදාළ පාර්ශ්වයට දැනෙන්නට නොදී සිදු කරන්නටත්” බොහෝවිට පොතපතේ පමණක් ඉතිරිව තිබෙන ඒ ඉවසීමල කරුණාවල දරාගැනීමල උපක‍්‍රමශීලී භාවය සහ ඒ වෙනුවෙන් තමන් ගත යුතු වගකීම නයනිගේ භාවිතය හරහා සිනමා පටයේ දී සමාජයට පෙන්වන්නේ පේ‍්‍රක්ෂකයාගේ කන් කෙලින් වී ඇඟේ හිරිගඩු පිපෙන තරමට තාත්විකව ය.

නීතියේ පරිපථය විසින් සිරගත කරන මිනිසුන්ට ”සිරකරුවෝද මනුෂ්‍යයෝය’’ කියන්නා සේමල මනෝ විද්‍යාත්මක පරිපථයට හැකිනම් එක; මානසික රෝගීන් ලෙස සිදුකරන නාමකරණය පළමුව අතුගා දැමිය යුතුය. දෙක; ‘‘සියලූ රෝගීන් ද මනුෂ්‍යයෝය’’ යන මනෝභාවය පෙරපාසල් දරුවාගේ පිට මනසට ඒත්තුගන්වමින් නයනිලා මතු කරගැනීමට සමත් ඉන්ද්‍රියගෝචර අධ්‍යාපනයක් ලොව පුරා පැල කිරීමට අපි කවුරු කවුරුත් අවබෝධ කරගත යුතුය.

අපිරිසිදු තැන් පිරිසුදු කරන්නට නම් දැරිය යුතු වෙහෙස සුළු නැත අපිරිසිදු සිත් වුවද එසේමය? සමාජයෙන් ගුටි බැනුම් අසන? සමීපතමයන්ගෙන් පවා ගැරහුම් ලබන සෑම් වැනි සැබෑ ලෝකය අසරණයන්ට සරණක් වීමට සිනමාකරණය හරහා මේ දැරූ වෙහෙස වෙනුවෙන් රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක, දිල්හානි ඒකනායක, පුබුදු චතුරංග ඇතුළු මේ සඳහා සම්මාදන් වූ සැමට මගේ දෑත් එක්කොට ස්තුතිය කියමි.

නොකියා බැරි දෙයක්ද ඇතල ඒ ද කියමි. මාතර බස් නැවතුම ඉදිරිපිට ඇති සිනමා ශාලාවේ දැවැන්ත දැන්වීම් පුවරුවේ මේ චිත‍්‍රපටය ගැන ලොකු පෝස්ටරයකි. වාහනය එය අසළට ගනිද්දී නතර කළ මම” මගේ ජංගම දුරකථන කැමරාව ද රැගෙන ගොස් එහි පින්තූර කිහිපයක් එතැනින් ගිය වයස 30 ක 35 ක තරුණයෙක් මට කීදේ පළමුව ලියමි.

”දැක්කනෙ” මේවා බොහොම බාල වැඩ.. මේ ප‍්‍රසිද්ධ තැන්වල ඔහොම ඒවා ප‍්‍රදර්ශනය කරන එක හරි කැතයි නේද’’

ඔහු දෙස බැලූ මා කිසිවක් නොකියා රූප ටික ගත්තෙමි.

විශාල මුදලක් වැය කර අඩුම තරමේ ඒ වියදමවත් පියවා නොගෙන නිෂ්පාදකවරියකට තම ජීවිතය ගෙන යෑම පහසු නැත. ඒ නිසා වෙළෙඳපොළ ආර්ථිකයේ

ගැවසෙන මාකටිං ගැන නොසිතා සිටීමට ඔවුනට නොහැක. ඒ වගේම, මේ චිත‍්‍රපටයේ නමට යෙදූ ‘ජ’ යන්නේ නිර්මාණාත්මක හැඩය මේ ලියන මට මැජික් ඇලජික් නොවුනට, නමුත් එසේ වන බොහෝ අය මේ සමාජයේ දුලබ නම් නැත. ඒ චිත‍්‍රපටයේ ‘ඒ නම’ මේ චිත‍්‍රපටයේ සැබෑවටම හුස්ම ගන්න සෑම්ලාට දැඩි පොලූ මුගුරු ප‍්‍රහාරයකි. ඉතින් එය එවැන්නන්ට මහා හිංසනයකට පාර කැපීමකි. සොරකමද චිත‍්‍රපටයේ නම අගට ඇති නිසාය. මේ ලියමනේ මුල සිට මේ දක්වා මම චිත‍්‍රපටියේ නම සඳහන් නොකළේ මේ හේතුව නිසාය. චිත‍්‍රපටියේ අරමුණ සහ පණිවිඩය දෙකක් නොවන තැන ඊට ස්තුතියි කරනවා හැර දොස් නැඟීම නොකර යුතුය. අපිරිසිදු ශරීරයක් පිරිසිදු කිරීමට ඇල්දිය වෙනුවට බුබුළු දමමින් නටන උණු වතුරෙන් නැහැවීම නම් නොකළ යුතුයල තරහ අවසර.! චිත‍්‍රපටයට යෙදූ නම නම් ර්‍ණකිරි කළයට ගොම කළයක් හැලූවා” සේය.

මනෝ චිකිත්සක
උදයා දේවාමුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment