වර්තමානයේ චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩා ශක්තිමත්වී ඇති සේම එය දෙරටටම වාසිදායක වී තිබේ. විශේෂයෙන්ම දෙරටේ ආරක්ෂක සබඳතා තරවී ඇත. එය ලංකාවට වාසියකි. මෙරට හමුදා සාමාජිකයන් සිය ගණනක් චීන හමුදා ඇකඩමිවල පුහුණුව ලබති. මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මීට වසර තුනකට පෙර එනම් 2021 වසරේ ලංකාවේ සංචාරයක නිරත වෙමින් පවසා තිබුණේ චීනයේ ව්‍යවහාර මුදල් ඒකකය වන රෙන්මින්බි මිලියන 50 ක හමුදා ආධාර මෙරට හමුදාවට ලබාදෙන බවකි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ගොඩනැඟීමට බෞද්ධාගම හා වෙළෙඳ සබඳතා ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව පෙනී යයි. ඒ අනුව ශ්‍රී ලංකාව චීනය සමග සමීප සංස්කෘතික සබඳතා පැවැත් වූ බව චීන සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුළින් පැහැදිලිව තහවුරු වේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවැත් වූ සංස්කෘතික සබඳතා පිළිබඳව විමසීමේ දී වැදගත්ම මූලාශ්‍රය වන්නේ ෆාහියන් හිමියන්ගේ වාර්තාවය. උන්වහන්සේ ක්‍රි. ව. 409-411 ශ්‍රී ලංකාවේ අභයගිරි විහාරයේ වාසය කළ බවට පිළිගැනේ. අභයගිරි විහාරය බෞද්ධ රාජ්‍යයන් රැසක් සමග සංස්කෘතික සබඳතා පැවැත් වූ බවට තොරතුරු හමු වේ. එසේම ක්‍රි. ව. 120 දී පමණ මෙරට ධූත පිරිස් චීනයට පැමිණි බවට එරට වාර්තා තුළින් තොරතුරු හඳුනාගත හැකිය. එසේම ඉතිහාසයට අනුව භාතිකාභය රජු දවස චීන දූතයන් දිවයිනට පැමිණි බව මෙන්ම හන්-ෂූ ග්රන්ථයට අනුව ක්‍රි. ව. 131 දී ගජබාහු රාජ්‍ය සමයේදී ද චීන ලංකා සබඳතාවයක් පිළිබඳව තොරතුරු හෙළිවේ.
වර්තමානයේ චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩා ශක්තිමත්වී ඇති සේම එය දෙරටටම වාසිදායක වී තිබේ. විශේෂයෙන්ම දෙරටේ ආරක්ෂක සබඳතා තරවී ඇති බව යුතුය. එය ලංකාවට වාසියකි. මෙරට හමුදා සාමාජිකයන් සිය ගණනක් චීන හමුදා ඇකඩමිවල පුහුණුව ලබයි. මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මීට වසර තුනකට පෙර එනම් 2021 වසරේ ලංකාවේ සංචාරයක නිරත වෙමින් පවසා තිබුණේ චීනයේ ව්‍යවහාර මුදල් ඒකකය වන රෙන්මින්බි මිලියන 50 ක හමුදා ආධාර මෙරට හමුදාවට ලබාදෙන බවකි. කොරෝනා වසංගතය අතරතුර ලංකාවට පැමිණි චීන ආරක්ෂක ඇමැතිවරයා මෙසේද පවසා තිබිණි. “චීන ජනාධිපති ෂි ජින් පින් ගේ අනුමැතිය ඇතිව මෙම වසංගතය අතරතුර සිදුකරන මෙම සංචාරය ඉතාමත් වැදගත් සහ අප දෙරටට ඉතාමත් වැදගත් වේ. මගේ මෙම සංචාරයේ අරමුණ නම් අපගේ රාජ්‍යයන් දෙක අතර ඇති කරගත් වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, සහයෝගිතාව වර්ධනය කිරීම සහ මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා උපායමාර්ගික අන්‍යන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි. මම විශ්වාස කරනවා මාගේ සංචාරය අප දෙරටේ සහයෝගිතාව හා මිත්‍රත්වය වර්ධනය කරයි කියලා.” ඇත්තෙන්ම එදා පොරොන්දු වූ ආධාර තොගයෙන් එකක් ලෙස මේ වසරේ මාර්තු මාසයේදී චීන මහජන හමුදාව මගින් ශ්‍රී ලංකා හමුදාවට බෝම්බ නිෂ්ක්‍රීය කළ හැකි රොබෝ 18ක් පරිත්‍යාග කරනු ලැබීය. මෙහිදී, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගනිමින් ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති REOD 4000 නැමති රෝබෝ යන්ත්‍ර 18 ක් යම් කිසි පුපුරණ ද්‍රව්‍යයක් යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා රැගෙන යෑමේ විශේෂ හැකියාවක් ඇති රථ 18 ක්, පුපුරණ ද්‍රව්‍යවලින් ආරක්ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති කබා 10 ක් පුපුරණ ද්‍රව්‍යවලින් ආරක්ෂා වීමේ සුවිශේෂී හැකියාවක් ඇති මධ්‍යම ප්‍රමාණයේ රථ 10 ක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
චීනයේ මහජන විමුක්ති හමුදාවේ 97 සවත්සරය සැමරීම වෙනුවෙන් පසුගිය ජුලි 29 වැනිදා පැවති සැමරුම් උත්සවයේදී ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී ෂෙන්හොන්ග් මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට ආරක්ෂක හමුදා සඳහා චීනය මගින් රුපියල් කෝටි 800 වටිනාකමින් යුතු පර්ත්යාගයන් සිදු කර ඇති බවයි. “චීනය සහ ශ්‍රී ලංකාව අනාධිමත් කලක පටන් සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් වන අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 67 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් වන බවත් දෙපාර්ශ්වයේම ඒකාබද්ධ ප්රයත්නයන් ඔස්සේ තවදුරටත් ද්විපාර්ශ්වික හමුදා සබඳතා ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇති බවත් චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
මහජන විමුක්ති හමුදාවේ 97 සවත්සර උත්සවය ඇමතූ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ශක්තිමත් ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය වන බවත් පසුගිය කාලය පුරාම චීන රජය විසින් මෙරටට ලබා දුන් සහයෝගය වෙනුවෙන් චීන රජය වෙත සිය කෘතඥතාව පළ කරන බවයි. ත්‍රස්තවාදී යුද්ධය පවති සමයේ චීනය ලබා දුන් සහය ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන්ම චීනයට ස්තුතිවන්ත වන බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් චීනය හා ලංකාව අතර පවතින සහයෝගිතාවය ගැන අසල්වැසි භාරතය සිටින්නේ සැකමුසුවය. දකුණු ආසියාවේ චීන බලපෑම්වලට එරෙහිව ඇමෙරිකාව මෙන්ම ඉන්දියාවද දරන්නේ එකම ස්ථාවරයකි. ඇමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් චීන මහජන හමුදාව මෙරට හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා ගවේෂණ කරමින් සිටින බව වාර්තා කර තිබුණේ මේ වසරේ මුලදීය. දකුණු අප්‍රිකාවේ ජිබුටි හා කාම්බෝජයේ රිම් නාවික හමුදා කඳවුරේ පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවක හමුදා කඳවුරු පිහිටුවීමේ හැකියාව චීනය නිරීක්ෂණය කරමින් ඇතැයි එම වාර්තාවේ සඳහන් විය. කවරක් නමුත් මේවා ගැන කලබල නොවී චීන ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සියලු පාර්ශ්ව කැපවිය යුතුය. එය ලංකා දූපතේ යහපත පිණිසය.
● චතුර පමුණුව