චීනයෙන් ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 31ක ආධාර

132

ආහාර පාන, කොරෝනා එන්නත් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් වටිනා ආධාර තොගයක් ඇෆ්ගනිස්ථානයට සපායන බවට චීන රජය ප‍්‍රතිඥා දී තිබේ. මෙම ආධාර සපයන බවට ලබා දුන් ප‍්‍රතිඥාවත් සමගම චීන රජය පවසා ඇත්තේ තලිබාන් පාලනය සමග අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කරන බවයි.

 ඇෆ්ගනිස්ථානයේ නව අන්තර් වාර රජයක් පිහිටුවීමට තලිබාන් පාලකයන් කටයුතු කිරීම රටේ නීතිය ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ අත්‍යවශ්‍ය පියවරක් බව චීන රජය ප‍්‍රකාශ කර තිබේ. බටහිර රටවල් හා මූල්‍ය ආයතන විසින් ඇෆ්ගනිස්ථානයට ලබා දෙන මූල්‍යාධාර මේ වන විට අත්හිටුවා තිබීම නිසා එරට දැඩි මුදල් මෙන්ම ආහාර හිඟයක් හටගෙන තිබේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය තවමත් තලිබාන් පාලනය පිළිනොගන්නා බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment