චීනයෙන් ඖෂධ තොගයක්

292

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා තවත් ඖෂධ සහ උපකරණ තොගයක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ළඟා විය.මෙම ඖෂධ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .මෙම ඖෂධ තොගය චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය

advertistmentadvertistment
advertistmentadvertistment