චීනය පදක්කම් පෙරමුණේ

150

ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි දෙවන දිනය (25) නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නට චීනය සමත්ව සිටී.

රන් පදක්කම් 06 ක් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 04 ක් සමග පදක්කම් 11 කට චීනය හිමිකම් කියන අතර වාරයේ පදක්කම් 10 ක් දිනා ගනිමින් දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකි විය. රන් 04 ක් රිදී 02 ක් සහ ලෝකඩ 04 ක් දිනා ගනිමින් ඊයේ (25) දිනයේ දී කැපී පෙනෙන දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට ඇමරිකානුවන් සමත් වූහ.

ජාත්‍යන්තර ඔලිම්පික් ධජය යටතේ ස්වාධීනව තරග වදින සෝවියට් රුසියාවට හිමිව තිබෙන පදක්කම් සංඛ්‍යාව 07 කි. එය රන් 01 රිදී 04 සහ ලෝකඩ 02 බැගිනි.

සිව් වන ස්ථානය ජපානයට (පදක්කම් 06) ද පදක්කම් 05 බැගින් දිනා ගනිමින් සම 05 ස්ථානය කොරියාවට සහ ඉතාලියට ද හිමි වී තිබේ.

සම 07 වැනි ස්ථානය පදක්කම් 03 බැගින් දිනා ගත් ඔස්ටේ‍්‍රලියාවට සහ ප‍්‍රංශය ට ද සම 09 වන ස්ථානය හංගේරියාව, ටියුනීසියාව, කැනඩාව, නෙදර්ලන්තය, බ‍්‍රසිලය, මහා බි‍්‍රතාන්‍යය, ඉන්දුනීසියාව, සර්බියාව සහ චීන තායිපේ යන රටවලට ද හිමිව තිබේ.එම රටවල් දිනාගැනීමට සමත් පදක්කම් සංඛ්‍යාව 02 බැගිනි .

මීට අමතරව එක් රන් පදක්කම බැගින් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ඔටේ‍්‍රසේයාව, ඉක්වදෝරය. ඉරානය,කොසෝවෝ, තායිලන්තය සහ උස්බෙකිස්තානය සමත්ව සිටී.

දකුණු ආසියාවේ එකම පදක්කම් ලාභී රට බවට පත්ව සිටින ඉන්දියාව රිදී පදක්කමක් හිමි කර ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment