චීනය පුරා ඩෙල්ටා පැතිරවීමට ඉඩදුන් නිලධාරීන්ට දඬුවම්

286

චීනය පුරා ඩෙල්ටා කොරෝනා වෛරස් ප‍්‍රභේදය පැතිරවීමට ඉඩ හැරීමේ චෝදනාව මත නිලධාරීන් 30 දෙනෙකුට අධික පිරිසකට දඬුවම් ලබා දීමට චීන බලධාරින් විසින් පියවර ගෙන තිබේ. චීනයේ ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය පැතිරවීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් එරට නගරාධිපතිවරුන්, සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්, රෝහල් ප‍්‍රධානින් හා ගුවන් තොටුපළ බලධාරීන් ඇතුළු නිලධාරීන් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවකට වෛද්‍යමය ලෙස නොසලකා හැරීමේ චෝදනා මත මෙසේ දඬුවම් ලබා දී ඇත.

චීනය පුරා ඩෙල්ටා පැතිරවීමට ඉඩදුන් නිලධාරීන්ට දඬුවම්

මෙම නිලධාරීන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් මසකට අඩු කාලයක් තුළදී චීනයෙන් ‘ඩෙල්ටා’ ආසාදිතයන් 900ක් පමණ දෙනා වාර්තා වී ඇති බව චීන පාලකයෝ පවසති. ඩෙල්ටා ප‍්‍රභේදය ප‍්‍රථමයෙන් පැතිරීම ඇරඹුණු ‘නැන්ජින්’ ප‍්‍රදේශයට ආසන්නයේ පිහිටි ‘යැන්ග්සවු’ නගරයේ පමණක් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව මහා පරිමාණයෙන් කොරෝනා පරීක්ෂණ පවත්වා ආසාදිතයන්

 හඳුනාගැනීම අතපසු කිරීමෙන් නගරය පුරා ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීමට ඉඩ හැරීමේ චෝදනාව මත අවවාදාත්මක ලිපි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරීම ඇරඹි නැන්ජින් ප‍්‍රදේශයෙන් මේ වන විට ඩෙල්ටා ආසාදිතයන් 308 දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 08 දෙනකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වී තිබේ. මාස හයකට අධික කාලයකින් චීනයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.


advertistmentadvertistment