චීනය වැඩියෙන්ම දිනා ඇත්තේ රන් පදක්කම්

350

ඉන්දියාව පදක්කම් සටහනේ පාකිස්තානයටත් පරදියි

පැරිස් ඔලිම්පික් තරගාවලියේදී චීනය වැඩියෙන්ම ජයග්‍රහණය කර ඇත්තේ රන් පදක්කම්ය. එම ප්‍රමාණය 40කි. ඔවුන් දිනූ රිදී පදක්කම් ප්‍රමාණය 28ක් වන අතර ලෝකඩ පදක්කම් ප්‍රමාණය 23කි. ඒ අනුව චීන ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායමේ සුපිරි දක්ෂතාවය වඩා හොඳින් පැහැදිලි වේ. එහෙත් ඔලිම්පික් පදක්කම් සටහන අනුව ලෝකයේ වැඩිම ජනගහනය ඇති ඉන්දියාවට හිමිව ඇත්තේ 71 වැනි ස්ථානයයි. ඉන්දීය ඔලිම්පික් කණ්ඩායමට ක්‍රීඩකයන් 117 දෙනකුගෙන් සමන්විත විය. නමුත් දිනාගත හැකිවූයේ එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් පහකි. ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ පුහුණුව සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 400ක් වැය කර තිබේ. නමුත් ඔලිම්පික් පදක්කම් සටහනේ ඉන්දියාවට ඉහළින් පාකිස්තානය මෙන්ම උතුරු කොරියාව ද සිටී. එක් වාර්තාවක දැක්වුණේ වසර 124ක් ඇතුළත ඉන්දියාව ඔලිම්පික් පදක්කම් 40ක් දිනා ඇති නමුත් දින 16කදී පමණක් චීනය ඔලිම්පික් පදක්කම් 88ක් දිනා ඇති බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment