චීන කොවිඩ් පාලන වැඩසටහනට ඇමෙරිකා විරෝධය

173

චීනය කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙත දුර්වල යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්ක් මහතා පවසයි.වසර තුනකට ආසන්න කාලයකදී සහ ලක්ෂ ගණනක් ජනතාව ආසාදන වී ඇති මෙම වසංගතය පාලනය සදහා චීනය සිදුකරන හුදකලා කිරීමේ ක්‍රම වේදයන් දුර්වල යැයි ද ඔහු සඳහන් කරයි. මෙම ස්වසනය මගින් පැතිර යන රෝගය පාලනය සදහා සෑම රටක්ම අවධානය යොමු කළ යුතු බව ද එන්නත් සහ සෞඛ්‍ය ආරක්ෂාව මගින් මෙය පාලනයට පියවර ගත යුතු බවද පවසන රාජ්‍ය ලේකම්වරයා කොවිඩ් සම්පූර්ණයෙන්ම පාලනයට කියා හුදකලා කිරීම මගින් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව ද සඳහන් කරයි. චීනයේ මෙම දැඩි කොවිඩ් පාලන නීති වලට එරෙහිව ෂැන්හයි නුවර විශාල ජනතා විරෝධයක් පසුගියදා පැවැත් විණි. මේ සදහා විශ්ව විද්‍යාල සිසුන් පවා තම විශ්ව විද්‍යාල වල සිට චීන කොවිඩ් පාලන වැඩ පිලිවෙල සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment