චීන නැව ලංකාවෙන් යන්න සල්ලි ඉල්ලයි

1053


දැනට කොළඹ වරායට පැමිණ තිබෙන චීන නැවේ ඇති කාබනික පොහොර තොගයේ අයිතිකරුවන් වන චීනයේ ක්වින්දා ඕ බයෝ ටෙක් සමූහ ව්‍යාපාරය එම නැවේ ඇති පොහොරවල වටිනාකමින් 70% ක් සහ නැව් ගාස්තු ගෙවීමට රජය එකඟ වන්නේ නම් මෙරටින් යාමට කැමැත්ත පළකර ඇත. ශ‍්‍රී ලංකා රජය මගින් චීනයෙන් ඇනවුම් කරන ලද මෙම කාබනික පොහොර තොගයෙහි අර්වීනියා නමැති ක්ෂුද්‍ර ජීවීන් සිටින බැවින් එය රට තුළට ගැනීමට නොහැකි බව නිවේදනය කරන ලදී. මේ පොහොර තොගය ශ‍්‍රී ලංකාවට ගෙනෙනු ලබන්නේ චීනය සමග එකඟත්වයට පත් ටෙන්ඩර්
ක‍්‍රියාදාමයක ප‍්‍රතිපලයක් වශයෙනි. පොහොර ටෙන්ඩරයේ වටිනාකම ඩොලර් මිලියන 8 කි. එයින් 70% ක ප‍්‍රමාණය ඩොලර් මිලියන 5.8 කි.

advertistmentadvertistment
advertistmentadvertistment