චීන විරෝධී ඇමරිකානු තානාපතිනියගේ ආගමනය මැද අන්තවාදීන් 300 ක් තහනම් කිරීම ගැන මිචෙලි බැෂලේ එරෙහි වෙයි

305

* 47 වැනි මානව හිිමිකම් සමුළුව ආරම්භවේ
* පෙත්සම් තොග පිටින්
* සංචාරක වීසා මත පැමිණි සී.අයි.ඒ ඒජන්ත

නව ජනාධිපතිවරු පත්වූවත් ඇමරිකානු තානාපතිවරුන්ගේ කාර්ය භාරය ඇමරිකානු න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමයි
 – හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කීසිංජර්


චීන විරෝධී ඇමරිකානු තානාපතිනියගේ ආගමනය මැද අන්තවාදීන් 300 ක් තහනම් කිරීම ගැන මිචෙලි බැෂලේ එරෙහි වෙයි

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පසුගිය සතියේදී ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස ජුලි චුන් පත් කළේය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන නියෝජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ ඇය චීන විරෝධී ඇමරිකානු නිලධාරිනියකි.

 බයිඩන් ඇයව මෙරටට පත් කළේ පසුගිය කාලය තුළ ජුලි චුන් වියට්නාමය, තායිලන්තය සහ කාම්බෝජය යන රටවල සේවය කිරීම නිසාය. ඉන්දු ශාන්තිකර කලාපයේ චීන කි‍්‍රයාදාමය ගැන සෙනට් සභාව හමුවේ කරුණු දැක්වූ ඇය චීන ආයෝජකයන් පරිසර හිතකාමී නොවන බවට චෝදනා කළාය. මේ ගැන ඇමරිකානු රජය සිය ද්විපාර්ශ්වික රටවල් සමඟ සාකච්ඡාවට ලක්කර ඇතැයිද ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය. මේ හැර ඇය සඳහන් කළේ චීනය කම්කරු නීතිරීති උල්ලංඝණය කරන බවයි. සෙනෙට් සභාව ඉදිරියේ වැඩිදුරටත් කරුණු දැක්වූ නව ඇමරිකානු තානාපතිනි චුන් චීනය සහය දක්වන රටවල් ගැන කි‍්‍රයා කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය. ජුලි චුන් කළ මෙම ප‍්‍රකාශය චීනය සමඟ දැඩි සබදකම් පවත්වන ශ‍්‍රී ලංකා රජයට සෘජුව බලපායි. එවන් තත්ත්වයක් මත ඇමරිකානු ජනපති බයිඩන් මෙරටට එවා ඇත්තේ චීන විරෝධී තානාපතිවරියකි. එසේ නම් ඇගේ කාර්යභාරය ශ‍්‍රී ලංකාව ඉදිරියේදී චීනය සමඟ කටයුතු කරන්නේ කෙසේද සහ පෝට්සිටි ව්‍යාපෘතිය පිළිබඳව විමර්ශනය කිරීමයි.

 ජුලි චුන් මෙරටට පැමිණීමට පෙර හිටපු ඇමරිකානු හමුදා නිලධාරියකුවූ මැක් මෙරටට පැමිණ සංචාරක වීසා බලපත‍්‍රයක් මත රැඳී සිටියේය. එහෙත් ශ‍්‍රී ලංකා බුද්ධි අංශවලට මැක්ගේ පැමිණීම වසන්වී තිබුණි.

 මියන්මාරයේ මැක් රැඳී සිටින සමයේ හමුදා කුමන්ත‍්‍රණය සිදුවී එරට පාලන බලය හමුදාව විසින් අල්ලා ගනු ලැබීය. එවන් තත්ත්වයක් මැද මැක් මියන්මාරය හැරදමා ශ‍්‍රී ලංකාවට පැමිණියේ මන්දැයි රජයට පවා හෙළිවූයේ නැත.

 එහෙත් සිව් මසකට පසු ‘‘මැක්’’ ශ‍්‍රී ලංකාවට පැමිණීමේ මෙහෙයුම හෙළිවිය. ඔහුව මෙරටට කැඳවා තිබුණේ සී අයි ඒ සංවිධානයට සම්බන්ධ යූ එස් ඒඞ් ආයතනයයි. මේ සංවිධානය පාට්නර්ස් නමින් ව්‍යාපෘතියක් දියත් කරයි. මේ පාට්නර්ස් සංවිධානයේ මෙහෙයුම ගැටුම් නිරාකරණය කිරීමට අරමුදල් සැපයීමයි.

 එහෙත් ශ‍්‍රී ලංකාව තුළ ගැටුම් නැති නම් ගැටුම් නිරාකරණයක් කුමකටද?

 

චීන විරෝධී ඇමරිකානු තානාපතිනියගේ ආගමනය මැද අන්තවාදීන් 300 ක් තහනම් කිරීම ගැන මිචෙලි බැෂලේ එරෙහි වෙයි

රජයට සම්බන්ධ ප‍්‍රධානතම විමර්ශකයකු ‘මැක්’ පිළිබඳව කළ විමර්ශනයකදී අනාවරණය වූයේ ගමන්බලපත‍්‍ර දෙකක් සහ හැඳුනුම්පත් දෙකක් මේ ඇමරිකානු නිලධාරියා සතුව ඇති බවයි. කොළඹට පැමිණ සිටි මැක් පදිංචිව සිටින්නේ කුමන ස්ථානයකදැයි හෙළිනොවූ අතර පසුගිය සිකුරාදා ඔහු කොළඹ හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක සිටින බව අනාවරණය විය. මින් ඇමරිකානුවාගේ අභිරහස් මෙහෙයුම හෙළිවිය. මැක් සංචාරක වීසාවක් මත මෙරට කි‍්‍රයාත්මක වන පාට්නර්ස් සංවිධානයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන බව බුද්ධි අංශවලින් ආරක්‍ෂක මණ්ඩලයට දැනුම්දීමත් සමඟ වැඬේ ගැස්සිනි. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේදී බුද්ධි ප‍්‍රධානියා විසින් මැක් ගැන අනාවරණය කෙරුණි. ඒ අනුව ආගමන විගමන බලධාරීන් විසින් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ‘මැක්’ ව කැඳවනු ලැබීය. මෙම පාට්නර්ස් සංවිධානයේ නියෝජ්‍ය ප‍්‍රධානියා ජෝර්ජ් නැමැති නයිජීරියානුවෙකි. එම සංවිධානයේ සිංහල හෝ මුස්ලිම් ජාතිකයන් සේවය කරන්නේ නැත.

 එවන් තත්ත්වයක් මත මැක්ගේ රාජකාරිය කුමක්ද? ඔහු සී අයි ඒ ඒජන්තවරයෙක්ද?

 සී අයි ඒ සංවිධානයට සම්බන්ධ යූ එස් ඒඞ් සංවිධානය මැක් මෙරටට එන බව නොදැන සිටියේ යයි කිවහැකිද?

 සී අයි ඒ සංවිධානය මෙවර ශ‍්‍රී ලංකාව කෙරේ නිරීක්‍ෂණයක යෙදී ඇත්තේ පෝට්සිටි ව්‍යාපෘතිය සමගයි. එසේම ඉන්දියාවද පෝට්සිටි ගැන විමර්ශනයේ යෙදී සිටියි. මේ සතියේ දිනෙක ඉන්දීය නාවික හමුදාපතිවරයා චීනය ඉන්දීය සාගරයට අවතීර්ණවීම ගැන කනස්සල්ල පළ කර තිබේ. ඔහු තවදුරටත් දක්වා ඇත්තේ චීනයේ කි‍්‍රයාදාමය ආරක්ෂාවට තර්ජනයකි බවයි. මෙම තත්ත්වය 2003 වසරේදී බුද්ධි සේවා සහ ආරක්‍ෂක ප‍්‍රධානියා මේ අතර 2003 වසරේදී බුද්ධි සේවා ප‍්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න කටයුතු කරන අවස්ථාවේ විදේශිකයකු බුද්ධි අංශ සාකච්ඡාවලට පැමිණ සිටි බව හෙළිවිය. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට එරෙහි වූවත් එවකට අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත එම විදේශිකයාව බුද්ධි සාකච්ඡාවලට සම්බන්ධ කරගැනීමට සිදුවිය. මේ විදේශිකයා වෙනින් කවුරුත් නොව ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ කි‍්‍රයාකාරියෙකි. මොහුව මෙරටට ගෙන ආවේ කවුරුන්ද? ඒ වත්මන් පොදු පෙරමුණ ආණ්ඩුව යටතේ ඉන්දියාවේ තානාපති ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ නැමැත්තායි.

 එම ඇමරිකානු සී අයි ඒ කි‍්‍රයාකාරිකයා මෙරට සියලූ බුද්ධි රැස්වීම් වලට සහභාගි විය. මේ අතර පසුගිය සඳුදා ජුනි 21 ජිනීවා නුවරදී 47 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භ විය. මෙම සමුළුව ආරම්භ වීමට පෙර රිෂාද් බදුර්දීන් නැමැත්තා නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තැබීමට රජය කි‍්‍රයා කර ඇතැයි දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙත්සමක් යවා තිබුණි. මෙකී පෙත්සම යවා ඇත්තේ ප‍්‍රංශයේ කවුන්සිල් යුනිවසල් ඩ්‍රොයිට්ස් ඩිලා නොට්වේ සහ ඊයු රෝපියන් ඉන්ස්ටිටියුට් ෆෝ එකොනොමික්ස් පොලිටිකල් ඇන්ඞ් සෝෂල් රිසර්ච් නැමැති රාජ්‍ය නොවන සංවිධාන දෙකයි. එහෙත් මේ පෙත්සමේ නියම කෙටුම්පත්කරු සිටින්නේ ස්විස්ටර්ලන්තයේයි. මෙම සාවi පෙත්සමේ දක්වා ඇත්තේ රිෂාද් බදුර්දීන් නැමැත්තා 2018 ව්‍යවස්ථාදායක අර්බුදයේදී රජයට සහය දැක්වීම සඳහා කි‍්‍රයා නොකිරීම නිසා ඔහුට නිහඬ කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි. බදුර්දීන් වෙනුවෙන් ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යැවූ පෙත්සමේ මෙලෙස සඳහන් කර ඇත.

 ‘‘අපේ‍්‍රල් 24 දා උදේ 1.30 ට පමණ රහස් පොලිසිය රිෂාද් බදුර්දීනගේ තාප්පයෙන් පැන බලහත්කාරයෙන් නිවසට ඇතුල්විය. වරෙන්තුවකින් හෝ කථානායකගේ අවසරයකින් තොරව රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගත් අයුරින්ම ඔහුගේ සොහොයුරා රියාජ් බදුර්දීන්වත් අල්ලාගෙන ඇත. රාමසාන් මාසයේ සිදුවූ මෙම අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන්ට උදේ ආහාරය ගැනීමටවත් ඉඩ ලැබී නැත.

 එසේම පසුගිය මැයි 4 සහ 5 ඔහුව පාර්ලිමේන්තුව වෙත ඒමට පවා මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර ඉඩදී නැත. මේ තත්ත්වය මත රිෂාද් සහ ඔහුගේ සොහොයුරු රියාජ් නිදහස් කරන ලෙස ශ‍්‍රී ලංකා රජයට කියා සිටින ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. මෙම ප‍්‍රංශ සංවිධාන දෙකම මානව හිමි රිෂාද් සහ රියාද් ගැන ඉල්ලීමක් කිරීම දැඩි සැකයට භාජනය වන කරුණකි.

 මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ සත්‍ය හේතූන් මානව හිමිකම් කවුන්සිලයෙන් වසන් කර තිබේ. එහෙත් රජය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ත‍්‍රස්ත මර්දන පනත සිවිල් නිදහස සඳහාවූ ජාත්‍යන්තර සම්මුතිය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මුතිය උල්ලංඝනය කරමින් රිෂාද් සහ රියාද් අත්අඩංගවට ගෙන ඇති බවට එකී පෙත්සමින් චෝදනා එල්ල කර ඇත.

 එසේ වූවත් යහපාලන රජය සමයේ රහස් පොලිසිය හමුදා නිලධාරීන් 41 ක් අත්අඩංගුවට ගැනීමෙන් ඉහත මානව හිමිකම් ප‍්‍රඥප්ති උල්ලංඝණය නොවූයේද?

 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා තිබූ රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ පෙත්සමෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකරද මානව හිමිකම් උල්ලංඝණය කළ අයෙකු බව දක්වීම පෙත්සම්කරුවන්ගේ අරමුණ බව පැහැදිලිය. මේ අතර බි‍්‍රතාන්‍යයේ කොටි ඩයස්පෝරාව එරට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට අල්ලස්දීමෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කි‍්‍රයාකර ඇත. බි‍්‍රතාන්‍යයේ කාෂාල්ටන් සහ වොලින්ටන් ආසනයේ මන්ත‍්‍රී එලියට් කොල්බර්න්ද එවැන්නෙකි.

 මේ සතියේ දිනෙක බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය නිජල් ඇඩම්ස් වෙත ප‍්‍රශ්නයක් යොමුකළ කොල්බර්න් ශ‍්‍රී ලංකාවේ අර්බුදය පැවැති සමයේ දසදහස් සංඛ්‍යාත පිරිසක් ලිංගික හිංසනයට ලක්වූ බවත් තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදන් වූ අතර ඊට සම්බන්ධ ශ‍්‍රී ලාංකික නිලධාරීන්ට එරෙහිව එකතු කළ සාක්‍ෂි සහ ඒ ගැන ගත් පියවර කුමක්දැයි විමසා ඇත. එම ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වූ නිජල් ඇඩම්ස් මුල්වරට මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැන තොරතුරු සහ සාක්කි එකතු කරන අතර ඉදිරියේදී වගවීමේ කි‍්‍රයාදාමය සඳහා එම සාක්‍ෂි ප‍්‍රයෝජනයට ගන්නා බව කියා සිටියේය.

 එසේ වූවත් කිසිදු බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයෙක් බි‍්‍රතාන්‍ය සෙබළුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන ප‍්‍රශ්න කර නැත. නිජල් ඇඩම්ස්ගේ ප‍්‍රකාශයෙන් සනාථ වන්නේ ඉදිරියේදී වෙනත් රජයක් බලයට පැමිණියහොත් හමුදා නිලධාරීන් 28 කට එල්ලවී ඇති අනතුරුදායක තත්ත්වයයි.

 මෙවන් අවාසනාවන්ත තත්ත්වයකින් හමුදා නිලධාරීන් ගලවා ගැනීම සඳහා රජය පාර්ලිමේන්තු පනතකින් ඔවුන්ට රැකවරණ නොදීම විමතියකට කරුණකි. මෙවන් පසුබිමක් මැද රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ නාලනී ශ‍්‍රීහරන් සහ ඇගේ සැමියා වූ මුරුගන්ට ශ‍්‍රී ලංකාවේ සිටින ඥාතීන්ව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඇමතීම සඳහා මදුරාසි මහාධිකරණය අවසර දී ඇත.

 එහෙත් මදුරාසි මහාධිකරණයේ එම අවසරයට රජීව් ගාන්ධි ඝාතනය ගැන පරීක්‍ෂණ පවත්වන ආයතනය විරෝධය දක්වා තිබේ. එසේ වූවත් කිරුබාකරන් සහ වේලූමානි යන විනිසුරන් එම අවසරය ලබාදී තිබේ.

 එම ඝාතනයට වරදකරුන්වූ නාලනී සහ මුරුගන්ට වට්ස්ඇප් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ යාපනයේ සිටින ඥාතීන්ට ඇමතීමට ඉඩදීම ශ‍්‍රී ලංකාවේ බලධාරීන් නිරීක්‍ෂණය කර තිබේද?

කොටි සංවිධානයට සම්බන්ධ මෙම දෙදෙනාට යාපනයේ සිටින ඥාතීන් ඇමතීමේ අවසරය දීමට ඉන්දීය මහාධිකරණය අවසරදී ඇත්තේ යාපනය ඉන්දියාවේ ප‍්‍රාන්තයක් යයි සිතාගෙනද?

 එම තත්ත්වය මත මෙරට බුද්ධි අංශ මුරුගන් සහ නාලිනිගේ වට්ස්ඇප් සංවාද අකි‍්‍රය කිරීමට කි‍්‍රයානොකරන්නේ මන්ද?

 මේ පසුබිම මැද රැඳවුම් භාරයේ සිටින බිහිසුණු අපරාධ සිදුකරන කොටි ත‍්‍රස්තයන් 82 කටද ඔවුන්ගේ පවුල් වල සියළුදෙනාට අරමුදල් සැපයෙන්නේ කොටි ඩයස්පෝරාව බව හෙළිවිය. එම අරමුදල් කොටි වෙනුවෙන් පෙනී සිටින ද්‍රවිඩ නීතිවේදීන් මාර්ගයෙන් ලබාදෙන බවද හෙළිවී ඇත.

 මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී කජෙද්‍රන් සහ මඩකලපුවේ ද්‍රවිඩ සන්ධාන සංවිධායක සුරේන් ධර්මලිංගම් කොරෝනා වසංගතය මැද මඩකලපුව සිරගෙට ගොස් ත‍්‍රස්තයන් බැලීම සඳහා කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වී ඇත.

 මේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී කජෙන්ද්‍රන් කවුරුන්ද?

 මෙයට වසර කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළ කජෙන්ද්‍රන් උතුරේ සිටින සෙබළුන් 10000 ක් පෙට්ටිවලින් කොළඹට එවන බවට තර්ජනය කරනු ලැබීය. එදා පාර්ලිමේන්තුවේ සිටි දේශපාලකයන් සුළු පිරිසක් හැර අනිත් කිසිදු මන්ත‍්‍රීවරයෙක් ප‍්‍රභාකරන්ට ඇති බිය නිසා කජෙන්ද්‍රන්ට එරෙහිව වචනයක්වත් කතා කළේ නැත.

 කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයන අවස්ථාවේ ද්‍රවිඩ සන්ධානය නැමැති සතුරන් කණ්ඩායම මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ සමඟ රහස් සාකච්ඡාවක නිරතවී තිබේ. ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලානන්දන් සහ ද්‍රවිඩ සන්ධානයේ එම්. කේ. සුමන්තිරන් එම සාකච්ඡාවට සහභාගිවී ඇත.

 එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ 13 වැනි සංශෝධනය හරහා ස්වයං පාලන අයිතියයි. මේ අතර රාජ්‍ය නොවන සංවිධාන, හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකාරී දර්ශාබැස්ටියන් එකතුව දියත් කළ ගානියා ප‍්‍රැන්සිස් මෙහෙයුමින් ස්විස් රජය රාජ්‍යතාන්ත‍්‍රික ලෙස පරාජය විය.

 මේ වනවිට ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට මාස 18 ක් ගතවී ඇත. කොළඹ ස්විස් තානාපති කාර්යාලය ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය නොදැන සිටියේ යයි කිව හැකිද. සුරිච් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට ස්විස් එයාර් යානාවක් ගෙනඒමට සැලසුම් කර තිබුණේ ගානියාව මෙරටින් ඉවත් කරගැනීම සඳහායි. ඇය යම් ලෙසකින් සුරිච් නුවරට ගියේ නම් ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබුණි.

 මේ වනවිට එම සිද්ධියට සම්බන්ධ දරිෂ්ටා බැස්ටියන් රහස් පොලිසියට කිසිදු ප‍්‍රකාශයක් කර නැත. රාජ්‍ය නොවන සංවිධාන ඇයට හඳුන්වා ඇත්තේ රජයෙන් ඇයට මරණීය තර්ජන එල්ල වී ඇති බව යයි දක්වමිනි. එහෙත් ගානියා මෙහෙයුම පාරාවළල්ලක් විය. මේ අතර 2005 මාර්තු 30 දා සිට අපේ‍්‍රල් 5 දක්වා වන්නියේ සැරිසැරූ ඇමරිකානු කොන්ග‍්‍රස් මන්ත‍්‍රීවරයා ඩැනි ඬේවිස් යයි අනාවරණය වී ඇත.

 ඔහුට මෙරටට ඒමට අරමුදල් සැපයුවේ කොටි සංවිධානයයි. වසර 16 කට පසු ඩැනිඬේව්ස් යළි මතුවිය. ඒ ශ‍්‍රී ලංකාවට එරෙහි කොංග‍්‍රස් යෝජනාවට අනුග‍්‍රහය දැක්වූයේ ඩැනි ඬේවිස් බව හෙළිවීමෙනි.

 මෙවන් පසුබිමක් මැද කොළඹ එන්. ජී. ඕ. කල්ලිය ශ‍්‍රී ලංකාවේ රජය මුස්ලිම්වරු ඉලක්ක කර එදිරිවාදිකම් කි‍්‍රයාත්මක කරන බවටත් පොලිස් අත්අඩංගුවේදී මරණ සිදුවූ බව දක්වමින් පෙත්සම් රැසක් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත යවා තිබුණි.

 එම පෙත්සම් වල දැක්වෙන කරුණු මානව හිමිකම් කොමසාරිස්වරියගේ මානව හිමිකම් සමුළු ආරම්භක දේශනයට ඇතුළත් වී තිබුණි.

 මෙහි දැක්වෙන්නේ ඊට නිදසුනකි. මෑතකදී පනවනු ලැබූ ප‍්‍රතිත‍්‍රස්ත රෙගුලාසි ත‍්‍රස්තවාදයට සහය දෙන්නේ යයි චෝදනා කර දෙමළ හා මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයන් 300 කටත් වඩා ලැයිස්තු ගත කර තහනම් කිරීම නිසා ප‍්‍රතිසංවිධානය ඉදිරියට ගෙන යෑමට ඉඩක් නැත. මෙම නීතිරීති මගින් නිර් රැඩිකල්කරණය සඳහා නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට අවසර ලැබී ඇත.

 වගවීම කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය ගැන මෙන්ම ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන ලබන සැප්තැම්බර් මසදී මම යාවත්කාලීන කරන්නෙමි. මානව හිමිකම් කොමසාරිස් බැෂලේගේ මෙම ප‍්‍රකාශයෙන් ඇය කියා සිටියේ අන්තවාදී සංවිධාන සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 300 ක් තමනම් කිරීම වැරදි බවයි. ඇය මෙම ප‍්‍රකාශය කිරීමට පෙර නැගෙනහිරදී නිරෝධායන නීතිරීති කඩකල මුස්ලිම් ජාතිකයන් පිරිසක් පාර අසල දණගස්සා තැබීමට හමුදා නිලධාරින් කටයුතු කිරීම

 ගැන ඡායාරූපද කොළඹ සිට ජිනීවා යවා තිබුණි. මෙයට අමතරව මඩකලපුව මන්ත‍්‍රී වියලේන්ද්‍රන්ගේ නිවස මුර කරමින් සිටි පොලිස් භටයා සිදුකළ වෙඩි තැබීමකින් රියදුරු මියයාම ගැනද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කර ඇත්තේ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව ද්‍රවිඩයන් ඝාතනය කරන බව දක්වමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment