චීන සමාගම් වලට ඇමෙරිකාවේ ආයෝජන තහනම යළි දික් කරයි

191


ඇමෙරිකාවේ මූල්‍ය,තොරතුරු තාක්ෂණ,සංවර්ධන,ආරක්ෂක අංශ උපකරණ සහ බුද්ධි තොරතුරු ආදී කටයුතු සඳහා වන ව්‍යාපාරික ආයෝජන සඳහා චීන සමාගම් එක්කර ගැනීම තහනම් කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් පැනවූ නියෝගය ඉදිරියටත් ක‍්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ද තීරණය කර ඇත.
ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් 2020 නොවැම්බර් පැනවූ මෙම නියෝගය 2021 නොවැම්බර් 12 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණි.
මේ වන විට එවැනි ආයෝජන සඳහා ඉදිරිපත්වූ චීන සමාගම් 59ක් ඇමෙරිකාව විසින් අසාදු ගතකර ඇත.චීන සමාගම් මෙසේ ආයෝජනය කිරීම තම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජෝ බයිඩන් මහතා පවසයි.


advertistmentadvertistment