කැලණිතිස්ස විදුලි බලාගාරයේ සවි කිරීමට යෝජිත මෙගාවොට් 35ක ගෑස් ටර්බයින ව්‍යාපෘතිය තවදුරටත් පමා වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ටර්බයින තුන සැලසුම් කර නිපදවා කැලණිතිස්ස බලාගාරයේ සවිකිරීමට නියමිතව තිබෙන චීනයේ CNEC ්‍සමාගම කියන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති මූල්‍ය යෝජනාව පිළිබඳව ඔවුනට සෑහීමකට පත්විය නොහැක.
මෙම ටර්බයින තුන සවි කිරීමේ ටෙන්ඩරය ඉදිරිපත් කරන ලද්දේ මේ වසර මුලදීය. එය 100%ක ණය පහසුකමක් මත සැපයීමට සැපයුම්කාර සමාගම එකඟ වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ කොන්දේසියකි. ව්‍යාපෘතිය සඳහා සමාගම් 5ක් යෝජනා පත්‍ර ඉදිරිපත් කර තිබිණ. අවසානයේදී එම ටෙන්ඩරය හිමිවන්නේ චීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගමටය. ටෙන්ඩරයේ වටිනාකම ඩොලර් 104127681 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 842012363 කි.
මේ මුදල තනිවම දැරීමට නොහැකි බව චීන සමාගම නොබෝදා ප්‍රකාශයට පත්කර ඇත.
|