චීවර මාසයේ අවසන් පොහොය අදයි

90

වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුන් පොහොයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි.

මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක්ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment