චුන්නාගම් රසායනාගාරය කලක් තිස්සේ ම අයිස් බෙදලා

267

යාපනයේ චුන්නාගම් පොලිස් බල ප්‍රදේශයේ දී අල්ලා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමේ රසායනාගාරයෙන් කලක් තිස්සේ ම එම මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බව මෙතෙක් කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මේ අතර මෙම රසායනාගාරය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් පෙරේදා (15දා) සිදුකළ විමර්ශනවල දී මෙය අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා හැදූ බවට අනාවරණය වූ බව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පැවසීය.

මෙම රසායනාගාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය.

මුලින්ම උතුරේ තරුණ තරුණියන් මෙම මත්ද්‍රව්‍යයට පුරුදු කර එම ජාවාරම රටපුරා ව්‍යාප්ත කිරීම සඳහා සැකකරු සැලසුම් කර ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment