චෙන්නායි කණ්ඩායමට ප්‍රබල ඉලක්කයක්

317

2023 අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහමදාබාද් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ අවසාන මහා තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තේය.
එම තරගයේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 44 කට කඩුලු දෙකක් දවා ගත්තේය.මහීෂ් තීක්ෂණ ගේ පන්දුවාර 4 තුළ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාව 36 කි.
කාසියේ වාසිය දිනාගත් චෙන්නායි
කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙම ලකුණු සංඛ්‍යාව අයිපීඑල් අවසාන මහා තරගයකදී කණ්ඩායමක් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.


advertistmentadvertistment