චෙන්නායි පරදා බැංගලෝර් අවසන් හතරට

217

2024 අයි.පී.එල්. තරගාවලිය

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පෙරේදා පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 27 ජයක් අත්කර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූයේය.

එම ජයග්‍රහණයත් සමඟ බැංගලෝර් කණ්ඩායම මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට සිය ස්ථානය වෙන් කර ගත්තේය.

ඒ අනුව වෙන්නායි කණ්ඩායමට අවසාන කණ්ඩායම් 4ට පැමිණීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු වූ අතර එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස්කර ගැනීමට සමත් වූ අතර චෙන්නායි කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 191ක් පමණි.

චෙන්නායි කණ්ඩායමට අවසාන කණ්ඩායම් 4ට පැමිණීමට නම් පන්දු වාර 20 අවසානයේ ලකුණු 201 ක ඉලක්කයක් ලබා ගැනීමට සිදුව තිබූ අතර එම අභියෝගයටද ලකුණු 10 කට මෙපිටින් චෙන්නායි ඉනිම සීමා කළ බැංගලෝර් ක්‍රීඩකයෝ අවසාන කණ්ඩායම් හතරට සුදුසුකම් කීහ.

මේ අනුව 2024 අයි.පී.එල්. තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර වන්නේ කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් වැලේන්ජ් බැංගලෝර් යන කණ්ඩායම් වේ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දු 34කින් ලකුණු 54ක් ලබා ගත් නායක ෆප් ඩු ප්ලෙසිස්ට තරගයේ වීරයා සම්මානය ද හිමිවිය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment