කොරෝනා ව්‍යාප්තිය නිසා අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය එහෙමපිටින්ම බිඳවැටුණා. ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපන කටයුතු කරන්න ආරම්භ වුණාට පස්සේ බොහෝ දරුවන් ජංගම දුරකථන, පරිගණක, ටැබ් පාවිච්චි කරන්න පටන් ගත්තා.
බහුතරයක් දරුවෝ තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ බොහොම නරක දේවල් වලට. අධ්‍යාපන කටයුතු කරනව කියල උදේ ඉඳන් රෑ බෝ වෙනකල් අන්තර්ජාලයේ සැරිසරන්න පුරුදු වෙච්ච සමහර දරුවෝ තමන්ගේ ජීවිතේම අඳුරු කරගත්තා. පහුගිය දවසක මහනුවර පැත්තෙන් වාර්තා වෙච්ච මේ සිද්ධියත් පාසල් දරුවෝ අන්තර්ජාලය පරිහරණය කරන්න ගත්තට පස්සෙ සිද්ධ වෙච්ච ඛේදනීය සිද්ධීන්වලින් එකක් වුණා.
කීර්තිසිංහයි, එයාගෙ බිරිඳ කමණියි රැකියාව කළේ රජයේ ආයතන දෙකක. මේ අය උසස්
රැු=කියාවල්වල නිරත වෙච්ච නිසා ගෙවල්වල ආර්ථික ප‍්‍රශ්න තිබුණෙම නැහැ.
මේ දෙන්නගෙ එකම දියණිය චේතනී, මහනුවර පැත්තෙ ප‍්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබුවා. කිර්තිසිංහත්, කමණිත් එයාලගෙ එකම දියණිය චේතනීට හැම සැප සම්පතක්ම දුන්නා.
කොරෝනා ප‍්‍රශ්නය නිසා දරුවෝ ගෙවල්වලට කොටුවුණා. පාසල් යන්න, අමතර පංතිවලට සහභාගි වෙන්න දරුවන්ට අවස්ථාව ලැබුණෙ නැහැ. දරුවො ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපනය ලබන්න පටන් ගත්තා.
චේතනීත් තමන්ගෙ නිවහනේ උදේ ඉඳලා රෑ බෝ වෙනකල් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න පටන් ගත්තා.
කීර්තිසිංහත්, කමණිත් උදේ පාන්දර නිවසින් පිටවෙලා රැකියාවට ගියාම ආපසු ගෙදර එන්නෙ රෑබෝවෙලා. ගෙදර ඉන්නෙ චේතනියි, ගෘහ සේවයට හිටිය වයසක ගෑනු මනුස්සයෙකුයි විතරයි. රැුකියාවට ගියාට පස්සේ මේ දෙන්නට තමන්ගෙ දරුව ගැන හොයන්න, බලන්න වෙලාවක් තිබුණෙ නැහැ. චේතනී ගෙදර ඉන්න නිසා එයාට උපරිම ආරක්‍ෂාව ලැබෙනව ඇති කියල මේ අය හිතුවා. චේතනී කොයි වෙලේ බැලූවත් කාමරේ දොර වහගෙන අන්තර්ජාලයේ සැරිසරනවා. දෙමව්පියෝ හිතුවෙ දරුවා උදේ ඉඳන් රෑ බෝ වෙනකල් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා ඇති කියලා.
‘‘දුවේ ඔයා ගෙදර වැඩපළ ගැන බලන්න ඕනෙ නැහැ. ඉස්කෝලෙත් නැති එකේ ඔන්ලයින් වැඩ ටික හරියට කරගන්න. ගෙදරින් පිටවෙලා යන හැම වෙලාවෙම කමණි එයාගෙ දියණිය වේතනීට කිව්වා.
කොහොම කොහොම හරි මේ නිවසේ අම්මයි තාත්තයි දුවයි අතරේ තියෙන සම්බන්ධය ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගත්තා. පහුගිය දවසක කීර්තිසිංහයි, කමණියි ගෙදර එනකොට ගෙයි දොර ජනෙල් වහල දාල තිබුණා. චේතනී වත් ගේ දොර බලාකියා ගන්න හිටිය කාන්තාව වත් පේන්න හිටියෙ නැහැ. කිර්තිසිංහත් කමණිත් නිවසේ පිටුපස විවෘත කරලා තිබුණු දොරෙන් ඇතුළු වුණා. චේතනී පේන්න නැහැ. කමණි එයාගේ කාමරේ අසලට ගියා. කාමරේ දොර වහල දාලා.
ඒත් කාමරේ ඇතුළෙන් සිහින් කෙඳිරියක් ඇහෙනවා. කමණි හොඳටම බයවුණා. කමණි එක පාරටම දොරේ යතුරු සිදුරෙන් බැලූවා මොකක්ද වෙන්නෙ කියලා.
කමණි දුටු දෙයින් එයා එකවරම කම්පනයට පත්වුණා. තමන්ගෙ එකම දියණිය කාමරේ ඇතුළෙ තිබුණු පරිගණකයෙන් අසභ්‍ය දර්ශන සහිත වීඩියෝවක් නරඹනවා. ඒ විතරක් නෙවෙයි. චේතනී මොකක්දෝ නොමනා ක‍්‍රියාවක නිරත වන බවකුත් කමණි දැක්කා.
කමණිට කරකියා ගන්න දෙයක් නැහැ. එකපාරටම ආව දුක කෝපය ඇයට දරාගන්න බැරිව ගියා. කමණි කාමරේ දොරට තඩිබාන්න ගත්තා.
‘‘දුවේ ඇරපං දොර. උඹ මොනවද ඔය කරන්නේ. උඹ ඔය ඉගෙන ගන්න හැටිද?’’
දරාගන්න බැරි කෝපයෙන් කමණි කැගැහුවා. සිහින් කෙඳිරිය මොහොතකට නතර වුණා. ඒත් එක්කම චේතනී කමණිට වඩා හයියෙන් කෑගහන්න ගත්තා.
‘‘මට මගෙ පාඩුවේ ඉන්න දීපල්ලා. මගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා. එහෙම වුණොත් මං ජීවිතේ නැතිකර ගන්නවා.’’
චේතනීගෙ කෑගැහිල්ලෙන් කමණිත් අන්දුන් කුන්දුන් වුණා. ටික වෙලාවකට පස්සෙ චේතනී කාමරේ දොර විවෘත කළා. දරාගන්න බැරි කෝපයෙන් වෙව්ලමින් හිටිය කමණි එකපාරටම චේතනීට පහර පිට පහර දෙන්න ගත්තා. දැන් ගෙදර පුංචි යුද්ධයක් වගෙයි. චේතනී විලාප තියලා අඬන්න පටන් ගත්තා. කමණි මාරාවේශ වෙලා කෑගහනවා. ඒ වෙනකොට කීර්තිසිංහත් මේ ආරවුලට මැදිවුණා. දෙන්නම එකුවෙලා චේතනීට තඩිබෑවා.
එදා රාත‍්‍රියේ සිද්ධ වෙන්න ගියේ බොහොම බරපතළ සිදුවීමක්. අම්මගෙනුයි, තාත්තගෙනුයි පහර කෑව චේතනී ඒ වෙනකොට මානසිකව වැටිල හිටියේ. තමන් කරපු නොමනා ක‍්‍රියාව අම්ම දැක්ක නිසා එයා හිටියෙ දැඩි ලැජ්ජාවෙන්.
කොහොම හරි එදා රාත‍්‍රියෙ චේතනී දැඩි තීරණයක් ගන්න සුදානම් වුණා. එයා කාමරේ බාල්කෙ එල්ලිලා සියදිවි හානිකර ගන්න උත්සාහ කළා.
ඒත් චේතනීට තවදුරටත් ජීවත් වෙන්න වාසනාව තිබුණා. කමණි තමන්ගේ එකම දියණිය ගැන ඒ වෙනකොට අවධානයෙන් හිටිය නිසා එයාගෙ ජීවිතේ බේරුණා. තරුණ දරුවො ඉන්න දෙමව්පියෝ ඒ අය ගැන දැඩි අවධානයකින් ඉන්න ඕන කාලයක් මේක.
– රණදේව
|