සමාජයට යහපතක් කිරීමට ප්‍රතිඥා දෙමින් බලයට පත් වෙන දේශපාලකයන්ට කාලයත් සමග තමන්ගේ අරමුණ අමතක වෙනවා. ඒ නිසාම දේශපාලනඥයා යනු දූෂිත චරිතයක සංකේතයක් ලෙසින් වූ පිළිගැනීම සමාජගත වී තිබෙනවා. රජකම් කළත් කළකම් පල දෙන බව සමහර විට ඔවුන්ට අමතක වුණත් ඉතාලියේ ඔරුබඑද රාජ්‍යයේදී ඒ බැව් ඔවුන්ට මතක් කර දෙනවා.
ඉතාලියේ ඔරුබඑද රාජ්‍යයේ පවතින චාරිත්‍රයකට අනුව වැරදි සහගත ලෙසින් කටයුතු කරන දේශපාලනඥයන් දියේ පා කර හැරීම වාර්ෂිකව සිදු වෙනවා. සෑම වසරකදීම ජූනි මාසය අවසන් වීමට පෙරාතුව මෙම චාරිත්‍රය සිදු කළ යුතුයි. මෙම චාරිත්‍රය ඔදබජ් යනුවෙන් හැඳින්වෙනවා. වසරක් තුළ විවිධ අකටයුතු සම්බන්ධයෙන් චෝදනා ලබන දේශපාලනඥයන් පිළිබඳව අධිකරණය මගින් තීරණයක් ගනු ලබනවා. මේ අන්දමින් වසරේ ප්‍රබලතම චෝදනා ලද දේශපාලනඥයා ජූනි මාසය තුළ තීන්දු කරන ලද දිනයකදී කුඩුවක දමා ජලයේ පා කරනවා. නමුත් මෙහිදී පුද්ගලයාගේ ජීවිතයට හානියක් සිදු වෙන්නේ නැහැ. දැල් සහිත මෙම කූඩුවෙන් පුද්ගලයා පොදුවේ ප්‍රදර්ශනය වුණත් ඔහුගේ ජීවිතයට හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් මේ අන්දමින් කූඩුවක ලා දියේ ප්‍රදර්ශනය කිරීම මගින් සමාජයෙන් ලැබෙන අප්‍රසාදය පෙන්නුම් කිරීමක් සිදු වෙනවා. මෙම දඬුවම මගින් තමන්ගේ වැරැද්ද අවබෝධ කර ගැනීමට නොහැකි වුණ නායකයන් ප්‍රසිද්ධියේ අපහාසයට ලක් කිරීමක් ලෙසින් ඔවුන් සලකනවා. ඒ වගේම දේශපාලනඥයාට තමන්ගේ වරද අවබෝධ කර ගැනීමේ අවස්ථාවක් ලෙසින් ද ටොන්කා චාරිත්‍රය සැලකෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා