චෝදනා ඇති පිරිසක් ඡන්දෙට පෙර රටින් පනින තැතක්

395

පසුගිය රජයන් සමයේ මෙරට සිදුවූ බරපතළ මූල්‍ය වංචා, අයථා මුදල් ගනුදෙනු, ආන්දෝලනාත්මක මිනිස් ඝාතන සහ ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර හොර රහසේම රටින් පලායෑමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.

ඉදිරි දින කිහිපය තුළදී මෙම පිරිස් විදේශගත වීමට සූදානමින් සිටින අතර මීට මාස ගණනකට පෙර සිටම ඔවුන් මෙසේ රටින් පැනගැනීම සඳහා අදාළ රටවලින් වීසා බලපත්‍ර පවා ලබාගෙන සිටින බව වාර්තා වෙයි.

මෙසේ රටින් පලායෑමට සැලසුම් කරගෙන සිටින ඇතැම් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට මෙරට ඇති දේපළ ව්‍යාපාර සහ වත්කම් අලෙවි කර ඒවා මුදල් බවට පත් කරගෙන සිටින බවද හෙළි වී ඇත.

මොවුන් නීති විරෝධී උණ්ඩියල් මුදල් ගනුදෙනු හරහා එම මුදල් තමන් යෑමට බලාපොරොත්තුවෙන් සිටින රටවලට දැනටමත් යවා ඇති බවද වාර්තාවෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment