චෝදනා කිව්වොත් උත්තර දෙන්නම් – හරි දේ කියන්නයි බිම ඉඳගන්නයි කාගෙවත් අවසර ඕනෑ නෑ

138

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

හරි දේ කියන්නයි බිම ඉඳගන්නයි කාගෙන්වත් අවසර ගැනීමේ වුවමනාවක් නැතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

තමාට එරෙහි චෝදනා ඇතැයි පවසන බවත් එම චෝදනා මොනවාද යන්න ඉදිරිපත් කරනවා නම් ඊට තමා පිළිතුරු දීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැති බවට තමා කරුණු ඉදිරිපත් කළේ හොඳ අධ්‍යයනයකින් පසුව බවත් එදා සිදුකළ ප්‍රකාශ තවමත් වලංගු බවත් ඒ මහතා පැවසීය.

කොර්ෂල් බැංකුවේ සභාපති ධුරයට තමා ඉදිරිපත් වුවත් එවක හිටපු සභාපතිවරයා ඉවත් නොවීම නිසා තමාට එම තනතුර නොලැබුණු බවද තමාට පැවරී තිබෙන රාජකාරිය ඉටුකරන අතර ඒ සඳහා කිසිවකුගේ අවසරය අනවශ්‍ය බවද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment