මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් හෙට (12දා) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවැසීය.
ඒ අනුව පොලිස් නිලධාරීන් 63,145ක් , පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3,200ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,010ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළුව නිලධාරීන් 89,582 දෙනකු යොදවන බව හෙතෙම කීය.
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා මෙම පිරිස හෙට වාර්තා කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර