ඡන්දය ඕනෑ-ඇමරිකාව

494

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් ට්විටර් සටහනක් තබමින් පවසයි.

මුදල් නොමැතිවීම හේතුවෙන් මෙරට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළකර තිබේ.

අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ එම පුවතට ප්‍රතිචාර දක්වමිනි.

ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ,ශ්‍රී ලාංකික ජනතා හඬ යටපත් කිරීමට දරන ඕනෑම උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් ඍජුවම උල්ලංඝණය කිරීමක් බවය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටින බවද එමගින් කියයිත

advertistmentadvertistment
advertistmentadvertistment