පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස ශ්‍රී ලංකාවට කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
මැතිවරණවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් කරන බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පහසුකම පිළිබඳ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ සම්බන්ධයෙන් වන නිලධාරි මණ්ඩලය මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කරන්නේ නැහැ. මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගන්න පුළුවන් ශ්‍රී ලංකා රජයටයි, ජනතාවටයි” යැයි ද ඒ මහතා එහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ශ්‍රී ලංකාවට මාස 48 කදී ඩොලර් බිලියන 2.276 විස්තීරණ ණය පහසුකමක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වෙනස්කම්වලට හා ප්‍රතිපත්තිවලට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 3 ක මුදලක් ලැබෙනු ඇතැයි පැවසීය.
මේ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330 ක මුදලක් කඩිනමින් ලබා ගැනීමට හැකි වන අතර මිල ස්ථායිකරණය, විදේශ සංචිත දියුණු කිරීම මෙන්ම අඩු ආදායම්ලාභි පවුල්වලට උද්ධමනයෙන් වන හානිය අවම කරගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට තිබෙන හැකියාව වැඩි කර ගැනීමට එමගින් අවස්ථාව ලැබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
සමන් ගමගේ
–