ඡන්දය බැරිකම කියන්න මැකො අද උසාවියට

217

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති බාධා පිළිබඳව මැතිවරණ කොමිසම විසින් අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතය.කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීමට නියමිතය.

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑමට ඇති බාධා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවැසීය.

එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලිසිය මුද්‍රණාලයට ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබානොදීම, පක්‍ෂ වලින් ප්‍රමාණවත් සහයක් නොලැබීම ඇතුළු කරුණුද අදාළව මෝසම මගින් දැනුවත් කරන බවද ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීම මේ මොහොතේ දුෂ්කර කටයුත්තක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණද එම කාර්ය ඉටුකිරීමට නොහැකිවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් තම කොමිසම විසින් සිදුකළ යුතු බවද ඔහු කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment