2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භවූ අතර ඡන්දය පැවැත්වීම සමස්තයක් ලෙස සාමකාමීව සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස්හතරකි.මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60ත් 65ත් අතර ප්‍රතිශතයක් පමණවේ.