ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ දමයි

218

ජනපතිවරණයට පක්ෂයකින් ලක්ෂ 26යි:ස්වාධීනව ලක්ෂ 36යි

ඡන්ද විමසීම සඳහා වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පත් මුදල ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 26 දක්වාත් ස්වාධීන අපේක්ෂකයකුගේ ඇප තැන්පතුව ලක්ෂ 36 දක්වාත් ඉහළ දමා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයකුගේ ඇප තැන්පතු මුදල රුපියල් 11,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකුගේ ඇප තැන්පතුව රුපියල් 16,000 දක්වාත් ඉහළ දමා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීමේදී පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයකුගේ ඇප තැන්පතු මුදල රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකුගේ ඇප තැන්පතු මුදල රුපියල් 11,000 දක්වාත් ඉහළ දමා තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.

උපාලි ද සේරම්


advertistmentadvertistment