ඡන්ද පත්‍රිකා ගහන්න මුද්‍රණාලය සූදානමින්

46

පළාත් පාලන මැතිවරණය පවත්වනවා නම් ඒ සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා ඇතුළු ලිපි ලේඛන කඩිනමින් මුද්‍රණය කරදීමට රජයේ මුද්‍රණාලය සූදානම් බව මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසුවාය.

මුද්‍රණාලය සතුව මේ වනවිට මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි පවතින බවත්, ඉන්දියන් ණය යටතේ ඇනවුම් කළ කඩදාසි ද මුද්‍රණාලයට ලැබී තිබෙන බවත් ඇය කීවාය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති නිසා මුද්‍රණාලයට පැවරෙන රාජකාරි සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, වසර 37ක් මුද්‍රණාලයේම සේවය කළ නිසා මෙහි කාර්යයන් පිළිබඳව මනා අවබෝධයක් පවතින බවත් ඇය කීවාය.

මුද්‍රණාලය පාඩු ලබන ආයතනයක් බවට ඇතැමුන් ප්‍රකාශ කළත් ඇත්තටම රජයේ මුද්‍රණාලය 2022 වසරේ රුපියල් බිලියන 03කට වඩා ලාභයක් රජයට උපයා දී ඇති බව ද ඇය කීවාය. මුද්‍රණාලය මගින් කල්වේලා ඇතිව කඩදාසි ඇණවුම් කර තිබූ නිසා 2022 වසරේ කඩදාසි වැඩි මිලට ගෙන්වීමේ විශාල අවශ්‍යතාවයක් නොතිබූ බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment