පසුගිය ජනාධිපතිවරණයේ දී නීති විරෝධී පෝස්ටර් බැනර් ඉවත් කිරීම සඳහා යොදවා ගත් කම්කරුවන් වෙනුවෙන් වෙන් කළ මුදල් අයථා ලෙස පරිහරණය කළ බව කියන බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයකු සහ උප පොලිස් පරීක්‍ෂකවරියක් බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සහ උප පොලිස් පරීක්‍ෂකවරිය කම්කරුවන් දෙදෙනකුගේ නම් යොදා රුපියල් එක් ලක්‍ෂ දහනවදාහක මුදලක් මෙසේ වංචා කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්‍ෂයක මුදල් ඇප මත මුදාහැර ඇත.
නෝමන් පලිහවඩන