ජංගම දුරකතනයෙන් හඳුනාගත් පෙම්වතා සොයා නිවසට පැමිණි පෙම්වතියට අතවර කරලා

822

බාල වයස්කාර දැරියක් (15) ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු (19) කොකාවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තරුණයාට ආධාර අනුබල දුන් එම තරුණයාගේ දෙමව්පියන් දෙදෙනාද කොකාවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හොරණ ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි මෙම බාල වයස්කාර දැරිය දුටුවැව ප්‍රදේශයේ දහනව හැවිරිදි තරුණයෙකු සමග ජංගම දුරකථනය මගින් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවක් මත මෙම බාල වයස්කාර දැරිය නිවැසියන්ට නොදන්වා හොර රහසේ බස් රථයක නැගී දුටුවැව ගම්මානයේ පදිංචි තම ප්‍රේමවන්ත තරුණයා සොයා පැමිණ ඇත.

පසුව ඔවුන් දෙදෙනා දිනක් එම තරුණයාගේ නිවසේ රාත්‍රිය ගතකර ඇති අතර මේ පිළිබඳව එම තරුණයාගේ පියා කොකාවැව පොලිසියට පැමිණිලි කර ඇත. පසුව කොකාවැව පොලිසිය මගින් එම බාලවයස්කාර දැරිය සහ එම දැරියගේ ප්‍රේමවන්තයා බව කියනු ලබන දහනව හැවිරිදි තරුණයා සහ ඔවුන් දෙදෙනාට රාත්‍රිය ගත කිරීමට ආධාර අනුබල දුන් වරදට එම තරුණයාගේ දෙමව්පියන් දෙදෙනා ද අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කොකාවැව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගලෙන්බිඳුණුවැව – ජයන්ත වාසුල

advertistmentadvertistment
advertistmentadvertistment