ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩට දාන්න – කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති

46

වෙළෙඳපොළේ ජංගම දුරකථන මිල දරාගත නොහැකි අන්දමින් ඉහළ නැඟ ඇති බවත් ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩ ගොඩට දමන ලෙසත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.

ජංගම දුරකථන මිල සියයට 300කින් සියයට 400කින් වැඩිවුණු නමුත් අඩු වී ඇත්තේ සියයට 30කින් 35%කින් බවද හෙතෙම කීය. තවදුරටත් කතා කළ ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මෙසේ ද කීය.

ජංගම දුරකථන මිල පහළයෑම ප්‍රමාණවත් නැහැ. නියාමනය කරන අය මේ ගැන සොයා බලන්න ඕනේ. ජංගම දුරකථනවල මිල හොඳටම අඩු කරන්න පුළුවන්. ජංගම දුරකථනවල මිල ඉහළ යන්න යන්න ඒවා මිලදී ගැනීම පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරනවා. ජංගම දුරකථන අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ගොඩට දාන්න කියලා පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment