ජංගම දුරකථන සෙල්ලමින් දරු දෙදෙනෙක්ට වූ ලෙල්ලම

371

දුරකතනයෙන් වීඩියෝ නැරඹීමට නොදුන්නැයි උරණ වු අගුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු විසින් අසල්වැසි නිවසේ 08 හැවිරිදි දරුවෙකුට පිහියකින් ඇණ තුවාළ සිදුකර අනතුරුව ඔහුද වස පානය කර ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය පවසයි.
මෙලෙස පහරදිම සිදුකර ඇත්තේ අගුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේම පදිංචි 13 හැවිරිදි සිදුවෙකි. පිහි ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අසල්වැසි නිවසේ පදිංචි 08 හැවිරිදි දරුවෙකි.
සිද්ධියට භාජනය වු පවුල් දෙකේම දෙපිරිස හා දරුවන්ද ඉතා සුහදව කටයුතු කරන පවුල් දෙකක් බව පොලිසිය පවසයි. මෙම දරුවන් දෙදෙනාම ජංගම දුරකතන ඔස්සේ වීඩියෝ නැරඹීම හා ගේම් සදහා ඇබ්බැහි වි සිට ඇති බව මුලික පොලිස් පිරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. පිහි ඇනුමට ලක්වූ 08 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇත.
පිහි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු 13 හැවිරිදි සිසුවාද නිවසින් පිටව ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසිය හා දෙමාපියන් එක්ව 13 හැවිරිදි දරුවා පිළීබදව සොයා බැලීමේදී දරුවාගේ දෙමාපියන්ට රාත්‍රි 08ට පමණ වෙනත් පුද්ගලයෙක් දුරකතනයෙන් කතා කර දරුවා කුටිටිගල රෝහලට ඇතුලත් කර ඇති බව පවසා ඇත.ඒ අනුව පැමිණ පරික්ෂා කිරිමේදී අනාවරණය වි ඇත්තේ පිහි ඇණීම සිදුකිරීමෙන් පසු 13 හැවිරිදි සිසුවාද වස පානය කර ඇති බවය.වස පානය කළ සිසුවා ද වැඩිදුර ප්‍රථිකාර සදහා ඇඹිළිපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment