ජනක රත්නායක ඉන්ධන මිල ගණන් කීවේ හරි අධ්‍යයනයක් නැතිව – තෙල් සංස්ථාව කියයි

249

ඛනිජ තෙල් ආනයන වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශය ඉන්ධන මිල සම්බන්ධයෙන් අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ එකකැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉන්ධන ලීටරයක් පවතින මිලට වඩා රුපියල් 200 ක් 250 ක් අඩුකර පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බවට කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කෝප් කමිටුවේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ කරුණු දක්වමින් තෙල් සංස්ථාව මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහි මෙසේද සඳහන් වේ.

ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමෙන් පසු ඒ සඳහා ආනයනික බදු ගෙවීමේදී නිශ්චිත සිංගප්පූරු ප්ලැට්ස් මිල :ීසබට්චදරු ඡක්එඑි ඡරසජැ* අගයන් ප්‍රකාශිත නොවීම හේතුවෙන් මිලෙහි නාමික අගයක් යටතේ තාවකාලික රේගු සටහන්කරයක් :ඡරදඩසිසදබ්ක ක්‍ඹීෘෑක්‍* ඉදිරිපත් කර අදාළ බදු මුදල් ගෙවීමෙන් පසු ඉන්ධන තොගය ගොඩබානු ලබයි. පසුව ඉන්ධන තොගයට අදාළ ප්ලැට්ස් මිල ගණන් ප්‍රකාශිත වූ පසු එයට අදාළ නාවුක ලියකියවිලි බැංකු පද්ධතිය මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලැබුණු විට අවසන් රේගු සටහන්කරය සකස් කර සත්‍ය අගය මත හිඟ බදු මුදල් ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීම් කරයි. මෙය ඛනිජ තෙල් ආනයනයේදී පෙර සිටම සිදු කරනු ලබන ක්‍රියාදාමය වේ.

මෙහිදී තාවකාලික රේගු සටහන්කරය සහ අවසන් රේගු සටහන්කරය සකස් කර හිඟ මුදල් ගෙවීම සඳහා නාවික ලිපිගොනු බැංකු පද්ධතිය හරහා ලැබීමට දළ වශයෙන් මාස 02 ක පමණ කාලයක් වැයවේ. ඒ අනුව මෙම අදාළ නැව් තොගවල මිල ගණනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පාදක කොට ගෙන ඇත්තේ තාවකාලික රේගු සටහන්කරයේ මිල වේ. මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) හෝ වෙනත් ඕනෑම ආයතනයක පරීක්‍ෂණ වෙනුවෙන් සහභාගි විය හැකි බවද දන්වා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment