අන්තරේ කැඳවුම්කරු කියයි
ජනතාවට කන්න නැති බොන්න නැති වෙලාවේ ආණ්ඩුවට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඬ පවත්වන්න ඩොලර් මිලියන 1.5 ක් වැය කරලා කඳුළු ගෑස් උණ්ඩ 35,000 ක් ගෙන්වලා තිබෙනවා. හොරුගෝගමේදී අන්තරේ විරෝධතාවය මඬින්න පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ 500 ක් පාවිච්චි කළා. පන්න, පන්නා ඔළු පැලෙන්න ගැහුවා….’ යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය හමුවකදී පැවසීය.
කොටුව ගාලුමුවදොර අරගල භූමියේ ස්ථාපිත ‘ගෝඨාගෝගම’ පරිශ්‍රයේ ස්ථාපිත මාධ්‍ය මධ්‍යස්ථානයේදී පෙරේදා (7 දා) හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ මෙසේද කියා සිටියේය.
රාජපක්ෂලාට මේ කියන්නේ වහාම හදිසි නීතිය අහෝසි කරන්න ඕනෑ. ගෝඨාභයට ඕන කරලා තියෙන්නේ මේ රටම ලේ විලක් කරලා හරි ඔවුන්ගේ බලය රැක ගන්නයි.
හදිසි නීතිය වහාම මේ ආණ්ඩුව හකුලාගන්න ඕනෑ. වහාම ගෝඨාභය, මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ. ගෙදර යන්න බැරිනම් මේ රටේ ජනතාව ගෝඨාභය, මහින්ද ඇතුළු ආණ්ඩුවේ අය පන්නන්න පෙළ ගැහිලා ඉවරයි. ආණ්ඩුව ඇඳිරි නීතිය, හදිසි නීතිය මොකක් දැම්මත් අපි මේ සටන ඉදිරියටම අරගෙන යනවා.
තව මුදල් වියදම් කරලා කඳුළු ගෑස්, යකඩ බැරිගේට් දැම්මත් මතක තියා ගන්න රටේම සල්ලි හොරා කාපු මේ පාලනය අතුගා දානවා. මුන්ගේ සල්ලි ගත්තොත් රට දියුණු කරන්න පුළුවන්.
ඔය පාර්ලිමේන්තුව කියන ගුම්බෑයම තවදුරටත් තියෙන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් මන්ත්‍රීවරුන්ටත් උවමනාවක් නැහැ විශ්වාසභංගය ගෙනල්ලා මේ රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරන්න. ඒකයි අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු කියලා.
පොලිසිය අපේ අන්තරේ සිසුන්ට, ජනතාවට පන්න පන්නා ඔලු පැලෙන්න ගැහුවා. දරුවෝ තුවාල ලැබුවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්