ජනතාවට දැන් ලොකුම වෛරසය වී තිබෙන්නේ ආණ්ඩුවයි – කොරෝනා වෛරසය අතරේ කොමිස් වෛරසයකුත් පැතිරෙනවා

229

– සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු

කොරෝනා වෛරසය අතරේ කොමිස් වෛරසයකුත් පැතිරෙමින් යන බවත් ජනතාවට දැන් ලොකුම වෛරසය වී තිබෙන්නේ ආණ්ඩුව යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද වන විටත් තවමත් රට වහලා තියෙන්නේ. මේ වන විට රටේ ජනාධිපතිවරයා, සේනාධිපතිවරයා දැන් ගමේ ගිහින් ඉන්නේ. මේ වසංගතයෙන් රටවැසියන් වෙනුවෙන් ඉදිරියට ඇවිත් සිටින ඉතා කැපවීමෙන් වැඩ කරන සෞඛ්‍ය සේවකයන්ට අපේ උතත්මාචාරය පිරිනමනවා.

මේ වෙලාවේ විශාල වෛරසයක් රටට ඇවිත් තියෙනවා. පිටරටකින් තමයි මේ වෛරසය ඇවිත් තියෙන්නේ. ඒ වෛරසය තමයි රටේ නායකත්වය. කොරෝනා වෛරසය අතරේ කොමිස් වෛරසයකුත් පැතිරෙමින් යනවා. ලෝකයේ හැම තැනකම මිනිස්සු බේරාගන්න වැක්සින් ගැහුවා. නමුත් අපේ රට ප‍්‍රමාදවී වැක්සින් දීම තුළ රට විශාල විනාශයකට ගිහින් තියෙනවා.

අද සීනි, පිටි, බෙහෙත් ටික නෑ. අඩුම තරමේ පස්ස තියන වැසිකිළියක් නෑ. වාහනවල අමතර කොටස් නෑ. රටට ඇතිවී තිබෙන වෛරසයට එරෙහිව අපි පෙළ ගැසෙනවා. රටේ තිබෙන වෛරස් එකිනෙකට පෙළ ගැස්වීමට අපි කටයුතු කරනවා. මහ බැංකුවෙන් වෙන වෛරසය, කොමිස්වලින් වෙන වෛරසය, අලි ජාවාරමෙන් වෙන වෛරසය, පොහොර වලින් වෙන වෛරසය, අපි ඉදිරිපත් කරනවා. ඕනෑම වෛසරයක් එන්නේ පිටරටින්. මේ වෛරස් අපි ඉවත් කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනුෂ නානායක්කාර මහතා-

මහ බැංකුවේ අධිපති ධුරයට අජිත් නිවාඩු කබ්රාල් පත් කළා. මුදල් මණ්ඩල පනත අනුව දේශපාලඥයෙක්, මන්ත‍්‍රීවරයෙක් මේ සඳහා පත් කළ නොහැකියි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරයෙක්, පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයෙක් මහ බැංකු අධිපති ධුරයට පත් කරනවා.

සල්ලි අච්චු ගැහුවම උද්ධමනයක් වෙන්නේ නෑ කියන පුද්ගලයා මහ බැංකු අධිපතිවරයා බවට පත් කරලා. රට විකුණන්නේ නෑ කියලා ආපු අය අද රට විකුණමින් සිටිනවා. මේ ¥ෂිත කි‍්‍රයාවලියට හිටපු මහ බැංකු අධිපතිවරයා අවනත නොවන විට දේශපාලන ඉත්තෙක් මහ බැංකුවට දාලා තියෙනවා. දේශපාලන බඩ පිනුම් ගහන අයෙක් ඒ තැනට දාලා.

කොරෝනා වෛරසයට වඩා භයානක වෛරසය තමයි පොහොට්ටු වෛරසය. පොහොට්ටු වෛරසය. මේ වෛරසය නිසා රටේ මිනිස්සු රට දාලා යන්න අරගෙන තියෙනවා. මේ රට කාබාසිනියා කරලා, මේ රට හොරකම් කරන රටක් බවට පත් කිරීමට කටයුතු කරන වෛරසය රටින් පිටුවහල් කිරීම තමයි කළ යුතු වන්නේ. පොහොට්ටු වෛරසය, රාජපක්ෂ වෛරසය මේ රටින් අතුගා දැමීමට අපි අත්වැල් බැඳගත යුතුයි?

දැන් අපේ රටේ බලශක්තිය ගැන තීන්දු ගැනීමේ අයිතිය අපිට අහිමි කර තිබෙනවා. විපක්ෂය විදියට අපි හඬ නගනවා. මේ සියලල්ම කරන්නේ ජනතාවට හොරෙන්. පාර්ලිමේන්තුවට හොරෙන් මේවා ගැන කතා කළොත් කුදලාගෙන යන්න තමයි උත්සාහ ගන්නේ. කොරෝනා වෛරසය ඉස්සරහට දාගෙන තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. බලාගාර විකිණීමට එරෙහිව අපි විරෝධතා දිගටම කරගෙන යනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා-

ලෝකයම වෛරසයකින් වෙලාගත් අවස්ථාවක, වෛරසක් ගණනාවක් නිසා පිඩාවට පත්වීමට සිදුව තිබෙනවා. රාජපක්ෂ වෛසරය නිසා වෛරස් ගණනාවකට මුහුණදීමට සිදුව තිබෙනවා.

දැන් මේ අය බාර් ඇරලා. වයින් ස්ටෝර්ස් 1200ක කී දෙනෙක් පොරකෑවද? එක බාර් එකකට දෙසීයක් ආව නම් ලොකු ගුරු පොකුරද ලොකු, බාර් පොකුරද ලොකු. මේ විදියට බාර් ඇරියේ ආණ්ඩුවේ ප‍්‍රභලයින් සතුව ස්කාගාර තියෙන නිසාද? වයින් ස්ටෝර්ස් සීයකට වැඩි සංඛ්‍යාවක් මේ මන්ත‍්‍රීවරුන්ට තියෙනවා. සමහරු තමන්ගේ නම නැතිව වෙන අයගේ නම්වලට අරගෙන තියෙනවා. ඒත් මේ බාර් අරගෙන තියෙන්නේ කවුද කියලා රටේ ජනතාව දන්නවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් මහතා-

කොරෝනා වෛරසයට වඩා භයානක ආණ්ඩුවේ වෛරසය නිසා අද 12,000 කට වඩා වැඩි පිරිසක් මිය ගිහින් තියෙනවා. මේ වෛරසය රටට ඇතුළුවීමට නොදී රට වහන්න කියලා අපි ඉල්ලූවම රට වහන්න අවශ්‍ය නෑ කිව්වා.

මේ වෛරසය රට ඇතුළට ආවොත් ආරක්ෂා වීමට මුහුණු ආවරණ ගෙන්වා තිබෙනවාද කියලා ඇහුවම ඒ සඳහා අවශ්‍යතාවක් නැති බව කිව්වා. වැක්සින් එක ගේන්න කියලා කිව්වම එහෙම අවශ්‍යතාවක් නැති බව වාසුදේව නානායක්කාර ඇමැතිවරයා කිව්වා. මතුරපු මුට්ටි ගංගාවලට දැම්මා. දැන් ඒ මතුරපු කෙනාටත් කොරෝනා හැදිලා. අපි ඒ ගැන සතුටු වෙන්නේ නෑ ඊට පස්සේ ධම්මික පැණියක් අරගෙන ආවා. ඊට පස්සේ තමයි වැක්සින් එක ගේන්න වුණේ. අපි වැක්සින් එක එපා කිව්වා වගේ තමයි අද මේ අය කතා කරන්නේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment