ජනතා අපේක්ෂා භංගවෙලා – උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙමින් කථානායකට ලියයි

496

පුරප්පාඩුවට මුතුකුමාරණ ?

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (27 දා) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබේ.

රටේ ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් එවකට පාලන තන්ත්‍රයට අවශ්‍ය තරුණ නායකත්වය දීමට පැමිණි නමුත් අපේක්‍ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් ජාලය තුළ සක්‍රීය කාර්යයක නියැළීමට අවස්ථාවක් කිසි විටෙකත් නොලද බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත. තම දේශපාලන සිතුම් පැතුම් මෙම වාතාවරණය තුළ යථාර්ථයක් බවට පත්කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දුෂ්කර එකක් බව අවබෝධ කරගෙන සිටින බව ද එහි සඳහන් වෙයි. එම නිසා තාවකාලිකව මෙම යාන්ත්‍රණයෙන් ඉවත් වීමට තමා තීරණය කළ බව ද එහි දක්වා තිබේ.

ජනතා අපේක්ෂා භංගවෙලා - උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙමින් කථානායකට ලියයි

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තුන්වන ස්ථානයට වැඩිම මනාප ලැබූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස උද්දික පාර්ලිමේන්තුවට තේරී පත් විය.

උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට සුදුස්සකු පත් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් අද (28 දා) මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නියමිතය.

මේ අතර පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පරාජිත ලැයිස්තුවේ වැඩිම මනාප ලබා සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ සී. මුතුකුමාරණ මහතා පත්වීමට නියමිතය.

රනිල් ධර්මසේන, සුජීව තත්සර හා නොච්චියාගම එම්. ඒ. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment