ජනතා තීන්දුව කොතැනද..?

130

ශ්‍රී ලංකාව වර්තමාන අවාසනාවන්ත තත්ත්වයට පත්කළ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් විසින් සිදුකර ඇති ක්‍රියාකාලාපයන්ගේ ආදීනව ගැන පසුවිපරමක් කරමින් ඉදිරියේදී එවැනි වැරදීම් සිදුවීමට ඉඩතැබීම අවම කිරීම ඡන්ද දායකයන්ගේ මූලික වගකීමක්ද වනු ඇත. දූෂණය, වංචාව, සොරකම් මගින් ආර්ථිකය ණය බරින් දැඩි පීඩනයකට ලක්කර ඇති අයුරින්ම සිය දේශපාලන සටකපට කම් තුළින් ජනතාවට හිමිවිය යුතු යුක්තිය, නීතිරීති අවභාවිතා කර තිබීමෙන් අසුරාලීම උග්‍ර දූෂණයකි. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අණපනත්වල අන්තර්ගතය තම බලය රැක ගැනීම උදෙසා අවභාවිතාව ජනතා නියෝජිතයන් හැටියට නොකළ යුත්තකි.

නොඉඳුල් ජනමතයකට ඉඩකඩ සලසමින් මැතිවරණ කොමිසම දැන් නීති්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව ජනතාව සිය අපේක්ෂිත පද්ධතිමය වෙනස යථාර්ථයක් කරවීමට අවශ්‍යකරන මූලික ඉඩකඩ දැන් සැළසී ඇත. දැනට රට පාලනය කරන පරිපාලනය කටයුතු කරනුයේ ජනසම්මත ජනවරමකින් තොරවය. මෙම තත්ත්වය නිවැරදි කරවීමට ජනතාව එඩිතරව කටයුතු කරන ආකාරය සැප්තැම්බර් 21 වෙනි දින ඡන්ද ප්‍රතිඵලවලින් දැකගත හැක.

මෙකී භාරදූර වගකීමකට සූදානම් වන ඡන්ද දායකයන්ගේ අවධානය පිණිස අදහස් කිහිපයක් සටහන් තැබීමට මෙම ලිපිය ඉදිරිපක් කරමි.

ශ්‍රී ලංකාව වර්තමාන අවාසනාවන්ත තත්ත්වයට පත්කළ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් විසින් සිදුකර ඇති ක්‍රියාකාලාපයන්ගේ ආදීනව ගැන පසුවිපරමක් කරමින් ඉදිරියේදී එවැනි වැරදීම් සිදුවීමට ඉඩතැබීම අවම කිරීම ඡන්ද දායකයන්ගේ මූලික වගකීමක්ද වනු ඇත. දූෂණය, වංචාව, සොරකම් මගින් ආර්ථිකය ණය බරින් දැඩි පීඩනයකට ලක්කර ඇති අයුරින්ම සිය දේශපාලන සටකපට කම් තුළින් ජනතාවට හිමිවිය යුතු යුක්තිය, නීතිරීති අවභාවිතා කර තිබීමෙන් අසුරාලීම උග්‍ර දූෂණයකි. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අණපනත්වල අන්තර්ගතය තම බලය රැක ගැනීම උදෙසා අවභාවිතාව ජනාතා නියෝජිතයන් හැටියට නොකළ යුත්තකි. එවැනි දේ කිසිදු ලජ්ජාවකින් තොරව අතීතයේ සිදුකරමින් ජනතාවට ඉටුවිය යුතු යුක්තිය ක්‍රමානුකූලව සොරාගෙන ඇත.

මෙම අවාසනාවන්ත තත්ත්වය ඇරඹෙන්නේ 5/6 අසීමිත ජනවරමකින් බලයට පත් 1977 ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය දුන් පාලන සමෙය් සිටය. එතැන් පටන් රටේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෙව්දයන් එකිනෙක සමාජ දේශපාලන භූමිකාවෙන් ගිලිහී යෑමට මුල්විය. අධිකරණ තීන්දු රජයේ අවාසියට හේතුවූවිට විණිසුරුවරුන්ගේ නිවෙස්වලට මැරවරුන් ලවා ගල්ගැස්ස වීය. ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන ප්‍රතිවාදිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකරවීමට අධිකරණය එකඟ නොවීම මෙම සිද්ධියට මුල් විය. අධිකරණ තීන්දුව නොසලකා හරිමින් කෙසේ හෝ පාර්ලිමේන්තු බහුතරය අවභාවිත කරමින් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඇය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම වැළැක්වීය. ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් ජන නායිකාවගේ යුක්තිය උදුරාගත්තේ එවැනි වැරදි පූර්වාදර්ශ ඉතිහාසගත කරමිනි.

දෙවැනි යුක්තිය උදුරා ගැනීම සිදුවන්නේ සිර දඬුවමකට ලක්වී බන්ධනාගාරගතව සිටි අපරාධකාරයෙක් නිදහස් කරගනිමින් ඔහුට මුළු දිවයිනටම බලයලත් සාමදාන විනිසුරු පදවියක් ප්‍රධානය කරවීමය. එසේම සුප්‍රකට මහර අතුරු මැතිවරණයෙන් විජය කුමාරතුංගයන්ගේ ජයග්‍රහණය උදුරාගැනීමට සිය මැර භීෂණ ක්‍රියාකාරකම් එකල උපරිමයෙන් සිදුවිය.

අපරාධකරුවන්, දේශපාලනඥයන් සහ පොලිසිය අතර පවතින සහසම්බන්ධය සහ සුසංයෝගය කෙබඳු ද යන්න තේරුම් ගැනීමට මෙම සිද්ධිය අවශ්‍ය තරම් සාධක සපයයි.

19 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමටත්, 36 වැනි පොලිස්පතිවරයා පත්කිරීම සඳහා වත්මන් පාලනය සහ රජය කටයුතු කර ඇත්තේ ද ඉහත විස්තර කර අති පරිදිය.

එබැවින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් පත්කර ගැනීමේදී ජනතා ඡන්දය පොදු ජනතාවගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කරන අධිමානසිකත්වයෙන්, අතීත කාමයෙන් පෙළෙන, යුක්තිගරුක නොවන පුද්ගලයන් වෙනුවෙන් භාවිත නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ පද්ධතියමය වෙනසක් ඇතිකරවීමට මූලිකත්වය සහ නායකත්වයක් ගත හැකි පරාර්ථය වෙනුවෙන් කටයුතු කරන ඍජු බුද්ධිමත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ජනතාව උත්සුක විය යුතුය. රට ආර්ථික ප්‍රපාතයට ඇද දැමූ කිසිවකුට නව පද්ධතිමය ක්‍රමවේදයක් නිර්මාණය කිරීම උගහටය.

ජයශ්‍රී ප්‍රියලාල්

advertistmentadvertistment
advertistmentadvertistment