එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් තීරණය කර තිබේ.
ඒ උන්වහන්සේගේ යෝජනාවලියට කැමැත්ත පළ කරමින් විපක්ෂ නායකවරයාගේ අත්සනින් යුතු ලිපියක් භාර දීමෙන් පසුවය.
කුමන ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙන්නේද යන්න පිළිබඳව ජනතා මතය විමසා මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් පසුගියදා යෝජනාවලියක් සම්මත කර ගත් අතර එම යෝජනාවලිය ක්‍රියාත්මක කරන බවට එකඟතාව පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12දා) නාහිමියන් වෙත ලිපියක් එවා තිබේ. සමගි ජනබලවේග බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් වන මහාචාර්ය ගාමිණී රත්න ශ්‍රී හා මහාචාර්ය දුනේෂ් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් පැමිණ එම ලිපිය මිහින්තලා විහාරාධිපති හිමි වෙත භාර දී ඇති අතර එම ලිපිය කියවා බැලූ නාහිමියෝ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය ලබාදෙන බව පැවසූහ.
ජනතාවගේ කැමැත්තෙන් සම්මත වූ එම යෝජනාවලිය තමන් ජනපති වූ පසු ක්‍රියාත්මක කරන බවට රටේ අනෙකුත් ආගමික නායක පූජ්‍ය පූජක ප්‍රසාදීන් වහන්සේලාට ඉදිරිපත් කොට සඵත කරන මෙන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ පැවසූහ.
එමෙන්ම තමා බැහැදැකීමට පැමිණෙන ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ කියා සිටියහ.
තිරප්පනේ – සමන් පෙරේරා