ජනපතිගෙන් මහ බැංකු අධිපතිට පොරොන්දුවක්

925

මහ බැංකුවේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මූල්‍ය මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා සමග අද පැවති සාකච්ඡාවේදී පවසා ඇත.ජනාධිපති මන්දිරයේදීය මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.කෙටි කාලයක් තුළ රට තුළ මූල්‍ය අර්බුදය පාලනයටත් යහපත් අතට හැරවීමටත් මහබැංකු අධිපතිවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබේ. මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග පවත්වන සාකච්ඡා සහ ගනු ලබන ක්‍රියාමාර්ග සදහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහායද ලබාදීමට ජනාධිපතිවරයා එකගවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment