ජනපතිගේ අස්වීමේ ලිපිය සිංගප්පූරු ගිය පසු

389

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින සිට සිංගප්පූරුව බලා ගුවන් මගින් ගමන් කරන බැවින් සිංගපූරුවට ගිය පසු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බව කථානායකවරයා වෙත දැනුම් දී ඇත.ඒ අනුව අද රාත්‍රී එම ලිපිය තමා වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කථානායකවරයා අද සවස පැවති පක්ෂ නායක රැස්වීමේදී පවසා ඇත.මෙම අවස්ථාවට පක්ෂ නායකයින් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද සහභාගීවී ඇත.එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දැනුම් දී ඇත්තේ දේශපාලඥයින්ට රට සාමකාමී කළ නොහැකි නම් ඒ සදහා පියවර ගැනීමට ආරක්ෂක හමුදාවට සිදුවිය හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment